(VIDEO):ශෙහාන් අනුර එක්ක පැටලෙයි. අනුරට විමල්ගේ සහය!

Date:

කොළඹ LNW:ඉදිරිපත් කර තිබෙන පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉතා හොඳින් ගළපා බැලිය යුතු වන හෙයින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (04) පාර්ලිමේන්තුවේදී විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවක් නොවන දිනයකදී පාර්ලිමේන්තු කාර්යයන් පිළිබඳ කාරක සභාව කැඳවා තිබුණු අතර ඊට තමන්ට සහභාගී වීමට නොහැකි වූ හෙයින් උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විධිමත් සකාච්ජාවක් සිදුවිය යුතු බවයි දිසානායක මහතා කියා සිටියේ.

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත සම්මත වීමෙන් පසු විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගැනුණු අතර එය පාදක කරගෙන කථානායකවරයාටද විශ්වාසභංග යෝජනාවක් පවා ඉදිරිපත් වූ හෙයින් විදුලි බල පනතද එවැනිම බරපතල පනතක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් වන ගැටළු පැහැදිලි ලෙස නිරාකරණය කරගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විරෝධය දැක් වූ අතර අදාළ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවේ සිදුකළ යුතු බවට සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී විමල් වීරවංශ මහතා නැගී සිටිමින් විදුලි බල පනත හදිසියේ සම්මත කිරීමට නොහැකි අතර දින දෙකක හෝ විවාදයක් අවශ්‍ය බව යළිත් වරක් අවධාරණය කළේ ශෙහාන් සේමසිංහ මහතාටද ඔහුගේ විරෝධය දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...