පළඟ කුසලානයේ පළමු හමුවේදී සීආර් ජය ගනියි

නිපොන් පේන්ට් ජාතික රගර් ලීගය 2022 යටතේ පවත්වන පළඟ කුසලානය සඳහා වන තරගවල පළමු තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරාජය කර සීආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් විය.පෙබරවාරි 05 වන දා ලොන්ඩ්න් පෙදෙසට පැමිණ ලකුණු 19 – 11 ලෙස ජයග්‍රහණය උදුරා ගෙන ගිය ගුවන් හමුදාවට දෙවන වටයේ පළඟ කුසලාන තරගයේදී සීආර් කණ්ඩායම රත්මලානේ ගුවන් හමුදා පිටියට පැමිණ මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම අපූරුය.

තරගයේ පළමු භාගයේදී සීආර් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවට එරෙහිව වඩාත් හොඳින් පීඩනය එල්ල කළහ.ඒ නිසා පළමු භාගයේ ගුවන් හමුදා ලකුණු යාන්ත්‍රණය අක්‍රියව තිබියදී සීආර් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය 09 ක්ව තිබිණි.නමුත් අවසාන භාගයේදි ගුවන් හමුදාව සිය බලය විදහා අරිමින් ලකුණු 10 ක් එක් කර ගැනීමට සමත් වුව ද සිආර් කණ්ඩායම බින්දුවේ තැබීමට අපොහොසත් විය.ඒ නිසා සීආර් කණ්ඩායම මේ තරගයේ ලබා ගත් එකම උත්සාහක දිණුම 55 වන විනාඩියේදී ගැමුණු චේතිය නමින් එක් වූ නිසා සීආර් ලකුණු ප්‍රමාණය තරගය අවසන් වන විට 14 ක් ව තිබුණේය.

සීආර් කණ්ඩායම වෙනුවෙන් ගැමුණුගේ උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර නමුත් පළමු භාගයේදි සීආර් කණ්ඩායමට දඩුවම් පහර තුනක්ම සාර්ථක සේ ඉලක්කයට යොමු කරමින් ලකුණු 09 ලබා දීමට යසස් කවිඳු මුතුතන්ත්‍රීගේ සමත් විය.

මෙහිදී සීආර් කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදා කන්ඩායම ලැබූ ලකුණු 10 ට එක් උත්සාහක දිණුමක් සහ එහි ප්‍රවර්ථනය මඟින් ද දඩුවම් පහරකින්ද ලකුණු එකතු වි තිබිණ.ගුවන් හමුදාවට උත්සාහක දිණුමකින් ලකුණු එකතු කළේ නිර්මාල් වික්‍රමසිංහ ය.එහි ප්‍රවර්ථනය සාර්ථකව සිදු කළ ගයන්ත ඉද්දමල්ගොඩ දඩුවම් පහරක් ද සාර්ථකව ඉලක්කයට යොමු කරන්නට සමත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...