ජයගමු ශ්‍රී ලංකා ත්‍රිකුණාමලයට

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’ ජුනි මස 07 වනදා සහ ජුනි 08 යන දෙදින පුරා ත්‍රිකුණාමලය “Mc Heyzer” ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත්, ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයකට ගැලපෙන බුද්ධිමත් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම මෙහි අරමුණ වන බවත් සඳහන් වේ.

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සහ ශ්‍රී ලංකික රැකියා අපේක්ෂකයින් සහ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව කේන්ද්‍ර කරගනිමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන සාර්ථකව පවත්වනු ලැබේ. එයින් ප්‍රතිලාභ ලබන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතින බවද එම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගපෙන්වීම අනුව අනුබද්ධිත සංවිධානයක් වන විගමණික සේවක හරසර, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ ශ්‍රම වාසනා අරමුදල මෙම ප්‍රයත්නයේදී මහජන සුබසාධනය සඳහා ප්‍රදානයන් සිදු කරයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට පාසල් සඳහා ස්මාර්ට් පුවරු සහ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ ඇතුළු විවිධ සේවාවන් ලැබෙනු ඇති බවද පැවසේ.

ජයගමු ශ්‍රී ලංකා අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික කම්කරු පවුල් ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් සඳහා දිරිමත් කරන අතර රැකියා අවස්ථා පිළිබඳ ඉල්ලීම් පිළිබඳවද දැනුවත් කිරීම සිදුවන බවද සඳහන් වේ.

මෙම වැඩසටහන හරහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තුළ ඇති සියලුම ආයතන පිළිබඳව මහජනතාව දැනුවත් කෙරෙන අතර, කොළඹ කාර්යාලයේ දී නිම කිරීමට වැඩි කාලයක් ගත විය යුතු කාර්යයන් තම අසල්වැසි ප්‍රදේශවල සිට සම්පූර්ණ කිරීමට හැකිවීම මෙහි සුවිශේෂී කරුණක් බවද අමාත්‍යාශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...