නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):


අද (05) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...