(VIDEO):උපරිමයෙන් වන්දි දීමට වුවමනාව තිබුණත් රජයේ මූල්‍ය හැකියාව ගැනත් සලකන්න වෙනවා – ආපදා ගැන අලුත්ම තත්ත්වය මෙන්න!

Date:

කොළඹ LNW:අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇති වූ ආපදාවන්හි නවතම තත්ත්වය ගැන අද (05) දිනයේදීත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලදී.

ඒ, මන්ත්‍රී අකිල එල්ලාවල මහතා නගන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව මේ වන විට පූර්ණ නිවාස හානි 71ක් හා අර්ධ නිවාස හානි 9371ක් සිදුව තිබෙන අතර හානියට පත් දේපලවල තක්සේරුව මෙතෙක් අවසන් වී නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර කුඩා ප්‍රමාණයේ හා මාධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර 825ක් හානියට පත්ව තිබෙන බවත් යටිතල පහසුකම් පද්ධති 63කට හානි සිදුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන 165ක පවුල් 3261ක 13028ක් පුද්ගලයින් රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසමින් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මරණ 30ක් වාර්තා වී තිබෙන බවත් මියගිය අයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රු.25,000 බැගින් ලබා දී ඇති බවත් ඉදිරියේදී වන්දි මුදලක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

වන්දි ලබා දීමේදී හැකි උපරිමයෙන් එය ඉටු කිරීමට අවශ්‍යතාව පැවතියද රජයේ මූල්‍ය හැකියාව පිළිබඳවද සැලකිලිමත් වීමට සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.

මේ අතර විශේෂයෙන් හානියට පත් බොහොමයක් නිවාස අනවසර ඉදිකිරීම් වන හෙයින් ඉදිරියේදී ඊට අදාළ නීති සක්‍රීය කිරීමට සිදුවන බවද තෙන්නකෝන් මහතා කියා සිටි අතර ආපදා වළක්වා ගැනීම සඳහා මේ වන විට හඳුනා ගෙන තිබෙන ව්‍යාපෘති සිදුකිරීමද අනිවාර්යයෙන් කළ යුතු වන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...