ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හා රණවිරු පවුල්වල සාමාජිකයින්ට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහනක්!

Date:

කොළඹ LNW:ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් හට සහ රණවිරු පවුල්වල සාමාජිකයින් හට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි එම වැඩසටහන ආරම්භ කිරීමට හැකිවී ඇත්තේ.

ඒ අනුව එම වැඩසටහන පිළිබඳව ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශය පරිශ්‍රයේදී රැස්වීමක් පවත්වා තිබේ.

විදේශ රාජ්‍යයන් වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් යම් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ලබාදීමට විදේශ රැකියා කටයුතු අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර මෙහි පළමු අදියර ලෙස ඊශ්‍රායල් රාජ්‍යය වෙත ඉදිකිරිම් අංශයේ වෘත්තීන් කිහිපයක් වෙත මෙම රැකියා ප්‍රමාණය ලබා දීමට කටයුතු සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයින් විසින් මෙම රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

එසේම මෙලෙස විදේශගතවන්නන් හට රජයේ බැංකු හරහා සහනදායී පොලී ශේෂයක් යටතේ ණය පහසුකම් ලබා දීමට ද කටයුතු සුදානම් කරන බවත්, යුද හමුදාව වෙතින් මේවන විට 67 දෙනෙකු මෙම රැකියා සඳහා පිටත් කිරීමට හඳුනාගෙන ඇති බවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙතින් ද නාම යෝජනා ඉදිරිපත් කරන ලෙසද, පැමිණි සිටි හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.

තවද, මේ සඳහා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික වයස අවුරුදු 44 ට අඩු සාමාජිකයින් තෝරා ගනු ලබන අතර, ඔවුන් වෙත විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය හරහා කෙටි පුහුණුවක් ලබාදීමටත්, ඔවුන් විසින් සිදු කරනු ලබන පරීක්‍ෂණයකට මුහුණ දීමටත් සිදුවන බවත් දන්වා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විදේශ රැකියා අමාත්‍යංශයේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...