විවේචනයෙන් විසඳුම් නැත, එක්ව හිතමු…

Date:

මෙරට ආර්ථික අර්බුදය ගැඹුරින් විශ්ලේෂණය කරන විට පෙනී යන කාරණය වන්නේ, මෙය කෙටි කාලයක් තුළ ආරම්භ වූ අර්බුදයක් නොවන බවයි. මේ වෙනුවෙන් වූ විසඳුමද දීර්ඝකාලීනවේ.
එසේනම් ආණ්ඩු බලය මාරු කිරීම තුළින් පමණක් ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබේ යැයි සිතිය නොහැකිය. කෝවිඩ් වසංගත අවධියේ රට වසා දමා තිබුණු කාලයේ දී ජනතාව තමන්ගේ ආර්ථිකය ස්වයං කළමනාකරණයකට ලක් කර ගත්තේය. විශාල කැප කිරීමක් සිදු කළේය.
රට වසා දැමීමට සිදුවූ කාලයේ දී නිෂ්පාදන ආර්ථිකය ඉතාම පහළ අඩියකට වැටුණු අතර, රට වසා දමන්නට යැයි බල කරමින් ජනතාව වීදි බැස්සවීමට තරම් විපක්ෂ කණ්ඩායම් කටයුතු කළේය. එහි ප්‍රතිඵල මේ වන වන විට භුක්ති විඳීමට සිදුව ඇත.

රට වසා දැමීම කළ යුතු යැයි බල කළ කණ්ඩායම් විසින්ම මේ වන විට ජනතාව උසි ගන්වමින් සිටින්නේ ආර්ථිකය කඩා වැටී ඇත, මේ ආණ්ඩුවට රට කළ නොහැකිය, ආදී ලෙස සටන් පාඨ ඉදිරිපත් කරමින්ය.

විපක්ෂයේ සහ විරුද්ධ මතධාරීන් මේ අවස්ථාවේ කළ යුතු වන්නේ බෙදී වෙනවී තම තමන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීම නොව, පවතින යථාර්ථය සාමාන්‍ය ජනතාවටද අවබෝධ වන අයුරින් සමාජගත කිරීමයි. මාධ්‍යයේ වගකීම වන්නේද එයයි.

වර්තමාන ආණ්ඩුවට 3/2 ක ව්‍යවස්ථාපිත බලයක් ඇත. ආර්ථික වශයෙන් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නම්, පූර්ණ ප්‍රතිසංස්කරණ රැසක් රජය විසින් ගනු ලැබිය යුතුය. අසනීපය සුව වීමට නම් තිත්ත බෙහෙත් වුවද පානය කළ යුතුය.

එසේම ජනතාවද මෙම අර්බුදයෙන් ගොඩ ගොඩ ඒමට සහයෝගය ලබාදිය යුතුය. විපක්ෂ කණ්ඩායම් ද අර්බුදයේ තේරුම් ගෙන එකිනෙකාට චෝදනා කිරීමෙන් වැළකී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුය.

සෑම අවස්ථාවකදීම අතීතයට දොස් පවරමින් පුහු තර්ක විතර්ක ඉදිරිපත් කරමින් හැකි හැම අවස්ථාවකදීම සමාජ මාධ්‍ය හරහා ආණ්ඩු පාර්ශවයට මඩ ප්‍රහාර එල්ල කරමින් කටයුතු කරනු වෙනුවට සෑම පාර්ශවයක්ම ඒකරාශී වීමෙන් පවතින පොදු ගැටලුවට විසඳුම් ඉදිරිපත් කළ යුතුය.

  • තිරුවණී විජේසිංහ – Facebook
    Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...