ඔලිම්පික්වල ගෑවි ගෑවි සිටින අයට මලල ක්‍රීඩා සංගමයෙන් වාසනාව උරගා බලන්න ලොතරැයියක්

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 07, කොළඹ (LNW): ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කණිටු මලල ක්‍රීඩා සූරතාවලිය කල් දැමීම නිසා තරුශි කරුණාරත්නට ඔලිම්පික් උත්සාහයට තිබෙන එක් පියවරක් මඟ හැරීම වැළක්වීම වළක්වන්නට ඔල්ම්පික් නියෝජනය සඳහා උත්සාහ ගන්නා සියල්ල වෙනුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් ඊ කොටසේ තරගාවලියක් ලෙස සළකා තේරීම් තරගයක් පැවත්විමට කටයුතු යොදා ඇත.


ඔලිම්පික් තේරීමේ අවසාන දිනය වන ජූනි 30 වන දා පැවත්වෙන මෙම තරගාවලියට මීටර් 800 කාන්තා,මීටර් 400 කාන්තා,මීටර් 1500 කාන්තා සහ කාන්තා හෙල්ල වීසිකිරීම ඇතුළත්ව තිබෙනවා.පිරිමි අංශයේ දී මීටර් 100,මීටර් 400 සහ හෙල්ල වීසි කිරිම මේ තරගාවලියට ඇතුළත් කර තිබෙනවා.
ජූනි 25 – 27 දක්වා පැවත්වෙන 102වන ජාතික සූරතාවලියේ දී මේ ඉසව්වලින් දක්වන දක්ෂතා අනුව තෝරා ගනු ලබන හොඳම අට දෙනාට ජූනි 30 දා පැවත්වෙන ඉසව්වලදී ආරාධනා කිරිමට මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කර තිබෙනවා.

එසේම මේ වන විට පේරු හී පැවත්වීමට නියමිත ජාත්‍යන්තර අවුරුදු 20 න් පහළ මලල ක්‍රිඩා සූරතාවලියට සහභාගිවීම සඳහා සුදුසුකම් සැපිරීමට ආසන්න වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මේ තරගාවලියේ යම් ඉඩක් සකසා දිය හැකිනම් එයත් වැදගත් වෙනවා.පිටියේ ඉසව් දෙකක් පමණක් ඇතුළත් වන ජූනි 30 දා පැවත්වෙන් විශේෂ තේරීම් තරගාවලියට කාල වේලාව ඇතුව ඉසව් මෙහෙයවීමේ දුෂ්කරතාවය අඩුවෙන් දැනෙන නිසා ජූනි 25-27 තරගවලදී සුදුසුකම් නොලබන පේරු තරගාවලියට සුදුසුකම් ලැබීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද 30 දා අවස්ථාවක් දිය හැකිනම් එයද ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වෙනු ඇත.


මේ තරගාවලිය ඊ කාණ්ඩයේ තරගාවලියක් ලෙස නම් කර තිබෙන නිසා එහිදී ජයග්‍රාහකයාට දක්ෂතාවය අනුව හිමිවන ලකුණු ප්‍රමාණයට තවත් ප්‍රසාද ලකුණු ගණනක් ද හිමිවන අතර,එහිදී ස්ථාන 6 ක් සඳහා පිළිවෙලින් 25,21,18,15,12 සහ 10 ලෙස ප්‍රසාද ලකුණු හිමිවනු ඇත.ඔලිම්පික් ආසන්නයේ සිටින ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මලල ක්‍රීඩා සංගමය ආසන්නම මොහොතේ තව දුරටත් වාසනාව උරගා බලන්න උදා කර දුන් වාසනාවන්ත අවස්ථාවක් ලෙස මේ තරගාවලිය හැදින්විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...