ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනා කිරීමඅවස්ථාවක්!

Date:

කොළඹ LNW:මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය විසින් මෙම වසරේදී (2024) ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා තිබේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ලබා ගැනීමට හැකි විය.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණි.

ත්‍රිවිධ හමුදා මුස්ලිම් සාමාජිකයින් සඳහා විශේෂ අනුග්‍රහයක් සහිත අවස්ථා පහක් මේ වසරේදී ලබා දී තිබීම සුවිශේෂී කරුණකි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා අද (07) දින උදෑසන කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේදී තානාපති අල්කතානි මහතා හමු වූ අවස්ථාවේ දී ත්‍රිවිධ හමුදාවේ මුස්ලිම් සාමාජිකයින්ට තම ජීවිත කාලයටම එක් වරක් ලැබෙන මෙම මහඟු අවස්ථාව ලබා දීම සඳහා දැක්වූ උදාර සහයෝගය වෙනුවෙන් සිය කෘතඥපූර්වක ස්තූතිය පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා විසින් උදාර චේතනා පෙරදැරිව සිදු කළ මෙම ඉල්ලීම පිළිබඳව ස්තුති කළ සෞදි අරාබි තානාපතිවරයා එළඹෙන වසරවලදී ආරක්‍ෂක සේවා නිලධාරීන් සඳහා ලැබෙන අවස්ථා සංඛ්‍යාව ඉහළ නැංවීමට තමා පෞද්ගලිකවම මැදිහත් වන බව තවදුරටත් පැවසීය.

ඉතිහාසයේ නව පියවරක් තබමින් ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා නිලධාරීන් හට ඉදිරියේදී ‘උම්රා’ වන්දනාවේ යෙදීමට ද අවස්ථාව සැලසීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාතයවරයා සඳහන් කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට සහය වීමට සෞදි අරාබි රජය කැපවී සිටින බවත්, මේ සම්බන්ධයෙන් මෙරට නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා හජ් කමිටු සාමාජික මිල්ෆර් ගෆූර් මහතා සහ ප්‍රතිලාභී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...