IMF වාර්තාව ගැන මහ බැංකුව ස්ථාවරය පහදයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව ගැන  ශ්‍රී ලංකා මහ බැංකුව  සිය ස්ථාවරය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ. 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති ඇතැම් නිර්දේශ දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවයි මහ බැංකුව පවසන්නේ. 

පසුගිය අගෝස්තු මාසයේ සිට මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම,විනිමය හුවමාරු අනුපාත පාලනය නොකිරිම, විදේශ විනිමය වෙළඳපොල ගණුදෙනු සඳහා පැවති බාධා ඉවත් කිරීම ඒ අතර වන බව එම නිවේදනයේ දැක්වෙයි. 

ශ්‍රී ලංකා රජයද සමග එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කිරීමට මහ බැංකුව සූදානම් අතර පොදු ජනතාව,ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජන ප්‍රජාවට ප්‍රතිලාභ අත්කරදීම සහතික කරලීම සඳහා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව එහි දක්වා තිබේ. 

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...