මෘදු මත්පැන් බලපත්‍ර අල්ලසින් දේශපාලනය කරන එක දැන්වත් නවත්වන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය කාලයේ ශීඝ්‍ර ලෙස මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම ක්‍රියාත්මක වූ බවත් එය මතින් තොර ප්‍රතිපත්තියට පටහැනි බවත් සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගෙන එම පහසුකම් ලබා දීම සංචාරක කර්මාන්තයේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරන බව පැවසුවත් සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මානවලට පවා මෙම බලපත්‍ර ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශේෂයෙන්ම විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා, සෙසු ආගමික නායකයන් සහ සිවිල් පුරවැසියන් මෙයට විරෝධතාව පළ කර ඇති බවත් එම නිසා විහාරස්ථාන අසල, පාසල් අසඅල, සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල මෙම බලපත්‍ර ලබා දී ඇත්නම් මේ ගැන සොයා බලා පරීක්ෂා කර නුසුදුසු තැන්වලට ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර අහෝසි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එමෙන් ම විවිධ පුද්ගලයන් දේශපාලනික වශයෙන් නම්මවා ගැනීමේ අරමුණින් විවිධාකාරයෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් බලපත්‍ර අල්ලස් නිකුත් කිරිම නතර කරන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රජයට ආධාර උපකාර කරන මන්ත්‍රීවරුන්ට වෙනත් නම් යොදා මත්පැන් බලපත්‍ර ලබා දීම ගැන තමන් මීට පෙර හෙළිදරව් කළ බව සිහිපත් කළ ඒ මහතා මෙම මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමටත් මහජන නියෝජිතයන් සම්බන්ධ වී ඇත්දැයි දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...