මැති ඇමතිලාගෙන් ජලසම්පාදන මණ්ඩලයට මිලියන 16 ක පොලු !

මැති ඇමතිවරුන් විසින් ගෙවා නොමැති ජල බිල්පත්, විදුලි බිල්පත් පිළිබඳව පසුගිය කාලයේදී රටේම කතාබහට ලක්විය. ඇතැම් ඇමතිවරුන් විසින් රුපියල් කෝටි ගණන් දක්වා බිල්පත් ගොවා නොමැති බවද වාර්තා වී තිබිණි.

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ දැනට සිටින සහ හිටපු මැති ඇමතිවරුන් විසින් ගෙවීම් පැහැර හැර ඇති ජල බිල්පත්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 16 ක් බවයි. ජල බිල්පත් පියවා නොමැති හිටපු මැති ඇමතිවරුන් 20 ක් පමණ මේ වනවිට ජීවිතයෙන්ද සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ඇමතිවරුන් විසින් ගෙවීම් පැහැර හැර ඇති ජල බිල්පත් ඔවුන් දැරූ අමාත්‍යංශ හරහා අයකර ගැනීමට කටයුතු කරන බව ජලසම්පාදන මණ්ලය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...