සෙල්ලම් කරන්නෙනම් ළමයි පාලනය කරන්නෙත් ළමයින්ද?

පාසල් රගර් තරග මිත්‍ර තරග ලෙස ක්‍රියාවට නැඟෙමින් තිබෙනවා.පාසල් රග්බි සංගමයේ අවසරය ඇතුව සහ අධයාපන අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතුව මේ තරග ක්‍රියාත්මක වන බව තමයි පෙනෙන්න තිබෙන්නේ.

ජාතික රග්ර් සම්මේලනය දන්නවද?

එහි විධායක නිලධාරියෙකුගෙන් විමසීමක් කර විට ඊට පිළිතුරු ලෙස දැන ගන්නට ලැබුණේ ඔවුන්ට දන්වා නැති බවයි.මේ සංවිධානය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් එන ගැටළුකාරී තත්ත්වය නිසා ඇතැම් විට විනිසුරුවන්ට පමණක් නොවේ ක්‍රීඩකයින්ටත් යම් යම් අනතුරු වීමට ඉඩ තිබෙනවා.සමහර වෙලාවට ජීවිත හානියක් වුව සිඳු විය හැකියි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඉහතින් දැක් වූ ආකාරයේ මිත්‍රත්ව තරගයක් සඳහා කොළඹ හැව්ලොක් පිටියේදී හමු වුණා.ඒ මාර්තු මස 26 වන දා යි.තරගය නිමා වුණේ ලකුණු 17 – 14 ක් ලෙස ශාන්ත තෝමස් කණ්ඩායමට ජය හිමිවෙමින්.ඉන් අනතුරුව විනිසුරු තීරණ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් පදනම් කරගෙන අශෝභන ලෙස හැසිරෙමින් පහර දීමක් සිදු වෙනවා.මේක නරක ආදර්ශයක්.නොමේරු යැයි සිතිය හැති ගැටවර පාසල් ක්‍රීඩකයින් වෙනුවට ඒ සඳහා ඔවුන්ගේ වැඩිහිටියන් ආදි සිසුන් විශාල බරක් දෙන බව මෙහි එන වීඩියෝ දර්ශන පැහැදිළි කරයි.

වැඩිහිටියන් වගේම මේ ආවේගකාරී තරුණ පිරිස් සහභාගි වෙන තරගවලදී සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පරිපාලකයන්ටත් වැඩ පිළිවෙලක් නොතිබි බව මෙහිදී පැහැදිළි වුණා.ඒ අනතුරුදායක තත්ත්වයෙන් පීඩාවට පත්වෙන්නෙ මිනිස් ජීවිත.ළමයින්ගෙන් යම් යම් නො’ඉවසන සුළු හැසිරීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්.ඒත් ඒවා එහෙම වුණොත් කියන සැකය මත සිට හෝ ඒවා වළක්වා ගන්නට වැඩ පිළිවෙලක් පාසල් සංගමයට නැත්තෙ සහ ඒ සම්බන්ධයෙන් පාසල් සංගමයේ අවධානය යොමු කරන්න අවශ්‍යය උපදෙස් අමාත්‍යංශ මට්ටමෙන් ක්‍රියාත්මක වෙලා නැත්තෙ,ඒවයෙත් ඉන්නෙ ළමයින්ද කියන ගැටළුව මේ ගැටුමේ රූප පෙළ හරහා පේන අවිධිමත් ආරක්ෂාව හරහා දැක් ගන්නට ලැබෙනවා.

මේ සමඟ තියෙන වීඩියෝ දර්ශනය බලන්න.ඉදිරියට හෝ පාසල් රගර් තරග සඳහා දරුවන්ට ආරක්ෂිත වැඩ පිළිවෙලක් හැදීමේ අවශ්‍යයතාවය පැහැදිළි කරගන්න එය ප්‍රමානව් වේවි.එසේම එන වැඩි හිටියො ඒ ඒ පාසල්වල ආදි ශිෂ්‍යයොත් අඩුම තරමෙ තමන් වැඩිහිටියො කියන දේ ගැන හැමවිටම මෙනෙහි කරමින් ළදරු හැසිරීම් ඉදිරිපත් කරන්නට කටයුතු නොකරන්නට ස්වයං විනයක් සහ ශික්ෂණයක් ඇති කරගත යුතුව තිබෙනවා..ඒ වගෙම මව් සංගමයත් සමඟ එක්ව මීට වැඩ පිළිවෙලක් සකසාගන්න පාසල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කිරීමත් වැදගත් වෙනවා.

අශ්වයා ගියාට පසුව ඉස්තාල වහන්න මහන්සි නොවී අශ්වයා දඟළද්දි වහන්න ආපු අවස්ථාව අපතේ නොහැරීමට පාසල් සංගමය වහා ක්‍රියාකාරී විය යුතුය.ගුරු වෘත්තියේ අත්දැකීම් ඇති පාසල් සංගමය දාරක සෙනෙහසින් යුතුව දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැළකිල්ල යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...