සමාජ මාධ්‍ය මත­භේ­ද­යක් දුරදිග ගිහින් දතකුත් කඩලා

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

ටික් ටොක් විඩියෝ නිර්මා­ණය කරන තරු­ණ­යන් දෙදෙ­නකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැ ටුමකදී, එක් තරු­ණ­ය­කුගේ මිතු­රන් පිරි­සක් අනෙක් තරු­ණයා රැගෙන ගොස් දරුණු ලෙස පහර දීමේ පුවතක් වාර්තා වේ.

එහිදී අදාල තරු­ණයා බිම දණ ගස්වා අමා­නු­ෂික අයු­රින් පහර දී ඇති අතර, පහර කෑමෙන් තරු­ණ­යාගේ දතක් ද කැඩී ඇති අතර, ඔහු රෝහ­ල්ගත කර තිබෙන බව පැවසේ.

මිතු­රන් පිරිස වටවී එම තරු­ණ­යාට පහර දෙන අයුරු තවත් මිතු­රකු වීඩියෝ කර ඇති අතර, එම වීඩි­යෝව මිතු­රන් අතරේ වට්ස්ඇප් මඟින් හුව­මාරු කර­ගෙන තිබුණු අතර, එක් අයෙ­කුගේ ටික් ටොක් වීඩි­යෝ­වක් නැර­ඹුම් වාර ලක්ෂ­යද ඉක්මවා යාම හේතු කොට­ගෙන මෙම ආර­වුල උද්ග­තව ඇති බව පොලි­සිය පැවසීය.

පහර කෑ තරු­ණ­යාගේ අයියා මේ පිළි­බ­ඳව වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත පැමි­ණිලි කිරී­මෙන් අන­තු­රුව ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික නිලන්ත මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉසුරු ශාමික මහතා විම­ර්ශන ආරම්භ කරනු ලැබූ බව සඳහන් වේ.

මේ සම්බ­න්ධ­යෙන් තරු­ණ­යන් පස් දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත අතර, වෙන්න­වත්ත ප්‍රදේ­ශ­යෙන් තිදෙ­නෙකු අත්අඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබේ. දෙදෙ­නෙකු ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇති බවද වාර්තා වේ.

පොලි­සිය සඳ­හන් කරන්නේ, සිද්ධි­යට සම්බන්ධ තරු­ණ­යින් සියලු දෙනා වයස 17-19 අතර පුද්ග­ල­යන් බවයි .තරු­ණ­යාට පහර දෙන වීඩි­යෝවේ ඇතැම් දර්ශන මකා එය මිතු­රන් අතරේ සංස­ර­ණය කර ඇති අතර, එහි මුල් දර්ශන ලබා ගැනීම සඳහා පොලි­සිය රස පරී­ක්ෂ­ක­ව­ර­යාගේ අව­සර ලබා­ගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...