ආණ්ඩුව එපා නොවුණු ගෙදරකින් පුලුවන්නම් වතුර වීදුරුවක් ගේන්න – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක් !

Date:

ආණ්ඩුව එපා නොවුණු ගෙදරකින් පුලුවන්නම් වතුර වීදුරුවක් ගේන්න – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක් !

ආණ්ඩුව තවදුරටත් ජනතාවිරෝධී ලෙස කටයුතු කරන්නේ නම්, එදා පා ගමන් ගොස්, ආණ්ඩුව පිහිටවූ ආකාරයෙන්ම පාරට බැස ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බව නරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

මේ වනවිට රටේ සියලු ජනතාවට ආණ්ඩුව එපා වී සිටින බවත්, සියලු‌ෙ දනා ආණ්ඩුව පිළිබඳව දැඩි කළකිරීමෙන් පසුවන බවත් මුරුත්තෙට්ටුවේ හිමි සඳහන් කරනවා. කිසා ගෝතමියකට නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නැයි කිවූ අයුරින්ම හැකිනම් ආණ්ඩුව ගැන කළකිරුණු කිසිවෙක් නොමැති ගෙදරකින් හැකිනම් වතුරු වීදුරුවක් ගෙනෙන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද ආනන්ද හිමි ප්‍රකාශ කරනවා.

ආණ්ඩුවේ බොහෝ අර්බුදවලට හේතුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්‍රිය වීම හා බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි සියලු තීන්දු තීරණ ගැනීම බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ මෙම තත්වය සම්පූර්ණයෙන් වෙනස් වියයුතු බවයි. ආණ්ඩුව ගෙන යා යුත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ කළමනාකාරීත්වය හා අධීක්ෂණය මත බවත්, බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති තනතුරින් ඉවත් කර සංවර්ධන කටයුතුවලට අදාල ඇමති ධුරයක් ලබාදිය යුතු බවත් වැඩිදුරටත් පවසනවා.

මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් වන අතර ලබන 31 වැනිදා අභයාරාමයේදී පැවැත්වෙන සාකච්ඡාවකදී එහි ඉදිරි පියවර ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...