ඔත්තු බැලීමේ චෝදනා මත තායිවානය විසින් චීනයේ හිටපු නාවික හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 12,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිපේ වරායට නීති විරෝධී ලෙස කුඩා යාත්‍රාවකින් ඇතුළු වූ චීනයේ හිටපු නාවික හමුදා කපිතාන්වරයෙකු තායිවානයේ වෙරළාරක්ෂක භටයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා තායිවාන සමුද්‍ර සන්ධිය තරණය කර ටම්සුයි ගඟට ඇතුළු වූ පසු තායිවානයේ වෙරළ ආරක්ෂක භටයන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවේ සේවය කර ඇති බවට වාර්තා වන මෙම චීන පුද්ගලයා ඔත්තු බැලීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවති.

මෙම අලුත්ම සිදුවීම පැමිණෙන්නේ, චීනය සහ තායිවානය අතර වැඩිවන ආතතීන් මධ්‍යයේය. 1949 සිවිල් යුද්ධයක් අතරතුර තායිවානය චීනයෙන් නිදහස ප්‍රකාශ කළ මුත්, බීජිං අවධාරනය කරන්නේ තායිවානය තම භූමියේ කොටසක්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...