*
Monday, December 16, 2024
spot_img

Latest Posts

සෝල් බීච් හෝටලයට වන්දි ගෙවන්න මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ. පොලිස් ලොක්කන් පිරිසකටත් වැඩ වරදී !

පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දෙහිවල මුහුදු මාවතේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා බිඳ දැමීම හේතුවෙන් එහි හිමිකරුට සහ සේවකයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබේ.

ඒ, එම හෝටලයේ හිමිකරුවන් විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව දෙපාර්ශ්වයම ගෙන්වා සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ය.

2024 ජනවාරි 01 වනදා පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම හෝටලය බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කඩා බිඳ දැමූ අතර එහිදී පොලීසිය පැවසුවේ මෙම හෝටලය ශිරාන් බාසික් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයිති බවකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණේ මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවයි.

කෙසේවෙතත් මෙම හෝටලයේ අයිතිය ඇත්තේ වෙනත් පුද්ගලයකුට බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ බලපත්‍රයක් ඇතිව මෙම හෝටලය පවත්වාගෙන ගොස් ඇති බවත් පසුව අනාවරණය වී තිබිණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත්තේ සෝල් බීච් හෝටලයට අයත් ගොඩනැගිලි අත්තනෝමතික ලෙස කඩා බිඳ දැමීමෙන් එහි හිමිකරුවන්ට සිදුවූ පාඩුව නිසි පරිදි තක්සේරු කර රජය විසින් එය ගෙවිය යුතු බවයි.

එමෙන්ම එම හෝටලයේ හිමිකරුවන්ට සහ සේවකයින්ට රැකියා අහිමි වීමෙන් සිදුවූ ආර්ථිකමය හානිය ගණනය කර සුදුසු වන්දි මුදලක් ඔවුන්ට ද ලබාදිය යුතු බව එම කොමිසම නිර්දේශ කර ඇත.

මීට අමතරව මෙහි පළමුවැනි වග උත්තරකාර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සිද්ධියේදී කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර තිබේ.

එසේම මෙහි දෙවැනි, තුන්වැනි හා සිව්වැනි වග උත්තරකරුවන් වන දෙහිවල පොලිසියේ ස්ථානාධිපති අනුරුද්ධ හේරත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන යන නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නිසි පියවර ගන්නා ලෙසයි එම කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත්තේ.

මෙම නිර්දේශ 2024 ජුලි 30 වැනිදාට පෙර ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අදාළ පුද්ගලයින්ට දැනුම් දී ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan