අයවැය යෝජනාවල 89%ක ප්‍රගතිය හොයා ගන්න නැහැ. සුභ සාධන වැඩපිළිවෙල කෝ – වෙරිටේ රිසර්ච්

Date:

කොළඹ LNW:2023 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන්ගෙන් 89% ක ප්‍රගතිය මැන ගැනීම සදහා අවශ්‍ය තොරතුරු නැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

රුපියල් බිලියන 49.3 ක් වූ වෙන් කරන ලද සමස්ත මුදලෙන් රුපියල් බිලියන 43.8 කට අදාල තොරතුරු නොමැති වීමේ තත්ත්වයක් පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

2022 වසරේ තත්ත්වය මීටත් වඩා බිහිසුණු තැනක පැවති අතර එම වසරේ දී වෙන් කරන ලද මුදල්වලින් 93% කට අදාලව, එකී මුදල් වෙන් කර තිබූ යෝජනා වල ප්‍රගතිය පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණි.

තෝරාගත් දිස්ත්‍රික්ක හයක උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 5640 දෙනෙකු හදුනාගෙන ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් එක් දරුවෙකු සදහා රුපියල් පහළොස් දහසක මුදලක් ලබා දෙන බව 2023 අයවැයෙන් යොජනා කර තිබුණද, එම යෝජනාව ක්‍රියාත්මක වී නැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

සමෘද්ධිය, වැඩිහිටි දීමනාව, විවිධ ආබාධතා ඇති පුද්ගලයන්ට ලබා දෙන දීමනාව, වකුගඩු රෝගීන් සදහා ලබා දෙන බවට පොරොන්දු වූ දීමනාව ආදී 2023 අය වැය මගින් යෝජනා කර තිබූ සුබසාධන කටයුතුවලට අදාල ප්‍රගතිය පිළිබද කිසිදු තොරතුරක් සැපැයීමට රජය අපොහොසත්ව තිබෙන බවද සදහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...