රුසියාව හත්වැනි ජෙනරාල්වරයාත් අහිමි කර ගනී – පුටින් කොටි වලිගය අල්ලා ගත්තාද ?

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර මේ වනවිට මාසයකට අධික කාලයක් ගත වී තිබෙනවා. කෙසේ නමුත් තවමත් සටන් අවසන් වන කාලවකවානුවක් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි වී තිබේ.

පුටින් යුක්රේනය ආක්‍රමණය කළේ ඉතා ඉක්මනින් යුක්රේනය තමන් හමුවේ දණ නමනු ඇතැයි දැඩි විස්වාසයෙනි. අවම වශයෙන් සති දෙකක් තුළදී යුක්රේනය යටත් කර ගැනීමට හැකි වෙතැයි රුසියානු හමුදා බලාපොරොත්තු විය.

කෙසේ නමුත් ආක්‍රමණයෙන් මසක් ඉක්ම යද්දී අවම වශයෙන් කිව් අගනුවර හෝ සම්පූර්ණයෙන් යටත් කර ගැනීමට පුටින් අසමත් වී තිබේ.

රුසියානු හමුදාව මේ වනවිට සිය 07 වැනි ජෙනරාල්වරයාත් අහිමි කරගෙන ඇති අතර අවි ආයුධ විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන තිබෙනවා. මීට අමතරව රුසියානු හමුදාවට අයත් යුද ටැංකි, ප්‍රහාරක ගුවන් යානා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමටද යුක්රේන හමුදා සමත් වී තිබේ.

මෙම තත්වය හමුවේ දැනටමත් රුසියාවට දැඩි පරාජයක් අත්පත් කරගෙන සිටී. යුක්රේනය තුළ යුදමය වශයෙන් පුටින් පරාජය වෙද්දී, රුසියානු ආර්ථිකයටද දැඩි හානි සිදුව ඇත. රුසියානු රූබලය බරපතල ලෙස කඩාවැටී ඇති අතර ලොවපුරා රටවල් හා බහුජාතික සමාගම් විසින් පනවා ඇති සම්බාධක හමුවේ අපනයන හා ආනයන කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මේ අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ මහජන නැගිටීමකින් හෝ කුමන්ත්‍රණයකින් හෝ පුටින් බලයෙන් පහ කරනු ඇතැයි යන්න පිළිබඳවද මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහට ලක් වේ. කෙසේ නමුත් එවැනි උත්සාහයක් හරහා පුටින් බලයෙන් පහ කිරීමට නොහැකි වනු ඇති බවද දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

රුසියානු පාර්ලමේන්තුව වන ඩූමාවේ සාතිශය බහුතරයක සහාය පුටින්ට හිමිවන අතර රුසියානු ආක්‍රමණය සඳහාද ඩූමාවේ සාමාජිකයන් 450 දෙනාගෙන් 351 දෙනෙකුම අනුමැතිය ලබා දී තිබිණි. රුසියානු හමුදා සාමාජිකයන් අතර මෙන්ම රජයේ ඉහළ නිළධාරීන් අතරද පුටින්ට පක්ෂපාතී පුද්ගලයන් බහුතර ප්‍රමාණයක් සිටින බවයි එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් සම්බාධක හා රුසියානු නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම හමුවේ රුසියානු ආර්ථිකය තවදුරටත් පරිහාණියට පත් වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස පුටින්ට බලය අහිමිවීමට වුවද ඉඩ තිබෙනවා.

කුමන අතින් බැලුවද යුක්රේන ආක්‍රමණය පුටින්ට කොටි වලිගය අල්ලා ගැනීමක් වී තිබේ. යුක්රේනය යටත් කර ගැනීමටද නොහැකිය, ආක්‍රමණය අතරමග නතර කර සිය හමුදා ආපසු කැඳවීමටත් නොහැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...

වරුවක් ඇතුළත වෙඩිතැබීම් 4ක් !

ගත වූ පැය 12ක කාලයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්...

Dearo Agri, රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ සමග එක් වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල...

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...