පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට පත්කළ ජනාධිපතිගේ අලුත් කමිටුවට කතෝලික සභාවේ විරෝධය!

Date:

කොළඹ LNW:පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත්කළ විමර්ශන කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරයි.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම් එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලා නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙකු හෝ කාර්යාලයක් ස්ථාපිත කිරීමට ඉඅද තිබෙන බවයි.

ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එය මිස තවත් විමර්ශන කමිටුවක් නොවන බවද සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළහ.

2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබෙන අතර
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ. එන්. කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්. ඒ. එන්. නිෂේන් මහතා පත් කර තිබේ.

මෙම විමර්ශන කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාරතාංජලී මනෝහරන් මහත්මිය කටයුතු කරයි.

සැප්තැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර අදාළ කමිටුව වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට ද උපදෙස් දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...