වැඩිම ඩෙංගු ආසාදිතයන් බස්නාහිර පළාතෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW):

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කරන්නේ, ජනවාරි මාසයේ සිට මේ දක්වා වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 26,294 ක් වාර්තා වී ඇති බවයි .

එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 9,675 ක් බවයි.

එසේම මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදු කර ගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...