G7 ප්‍රකාශය පිළිබඳ චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:G7 ප්‍රකාශය මගින් යළිත් චීනය සම්බන්ධ ප්‍රශ්න හුවා දක්වමින් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේට‍ය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව G7 නායකයින් පදනම් විරහිත චෝදනා එහිදී ඉදිරිපත් කළ බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසන්නේ.

G7 යනු සමස්ත ලෝකය නියෝජනය කරන පිරිසක් නොවන අතර ඔවුන් නියෝජනය කරනුයේ ලෝක ජනගහනයෙන් සියයට 10 ක් පමණක් බවද ඔහු ‍ප්‍රකාශ කර ඇත.

වාර්ෂිකව ගෝලීය ආර්ථිකයේ G7 සාමාජිකයින්ගේ කොටස අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර ඔවුන් සියල්ලම ගෝලීය ආර්ථික වර්ධනයට චීනයට වඩා අඩු දායකත්වයක් සපයන බව ද චීනය පවසයි.

G7 සාමාජිකයින්ගේ ආර්ථික සමස්තය දැනටමත් BRICS රටවල් විසින් අභිබවා ගොස් ඇති බවත් ඔවුන් ලෝකයේ සාම සංවර්ධන ප්‍රවණතාවට එරෙහිව ක්‍රියා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...