*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

නීතිපතිට ගෙදර යන්න වෙයි ? ජයිෂන්කර් තීරණාත්මක ගමනක ? හැමෝම බය නිවාස බද්ද – පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසිද ? ධම්මික හිර ගෙවල් වසන්නට සැරසෙයි – IMF ට ජනතා විරෝධය

  • නීතිපතිට ගෙදර යන්න වෙයි ?
  • ජයිෂන්කර් තීරණාත්මක ගමනක ?
  • හැමෝම බය නිවාස බද්ද – පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසිද ?
  • ධම්මික හිර ගෙවල් වසන්නට සැරසෙයි
  • IMF ට ජනතා විරෝධය

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

ජනාධිපතිවරණ දිනය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවන්නට තවත් ඇත්තේ සති හතරකටත් වඩා අඩු කාලයකි.දැනට දැනගන්නට ඇති පරදී ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 වැනිදාට යෙදී තිබේ. කුමකින් කුමක් වන්නට යනවා දැයි ආණ්ඩුවේ කිසිවකුත් නොදන්නා සේය. ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පැවැත්වීම දැනට ඇති බොහෝ දේශපාලන ගැටලුවලට එකම විසඳුම වන නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක්ද නැත. එසේම ඉන්දීය විදේශ ඇමති එස්. ජයිෂන්කර් මේ සතියේ ශ්‍රීලංකාවට පැමිණෙන අතර එය දේශපාලනික වශයෙන් දැඩි වැදගත්කමක් ඇති සංචාරයක් ලෙස සැලකේ. ජනාධිපතිවරණයකදී සියයට තිස් එකක් වන සුළුජාතික ඡන්ද ප්‍රතිශතය තීරණාත්මක වන අතර සුළුජාතික පක්ෂ වල තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත්වීම ප්‍රබලය.

සංජය රාජරත්නම්ගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වෙයි

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව ප්‍රතික්ෂේප කර තිබේ. මේ අනුව දැනට දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පැවති බොහෝ කරනු වෙනස් කරන තීරණයක් බවට මෙය පත්වනු ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට විවිධ පාර්ශ්වවල විරෝධය පසුගිය කාලයේදී පළවිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණු අතර අදාළ නිර්දේශය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03කි.නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහාය.
නීතිපති රාජරත්නම් ගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතය. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදී මීළඟ අගවිනිසුරු බවට පත් කිරීමේ සුදානමක් පිළිබඳව පසුගිය කාලය මුළුල්ලේ අධිකරණ හා දේශපාලන ක්ෂේත්‍රවල දැඩි කතා බහට ලක්විය.

         ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්    

මේ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කථානායකවරයාගේ නිවේදන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ අතර කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යලිත් අවධාරණය කළේ කොළඹදී පවතී දේශපාලන රැස්වීමකදීය.

මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය. කෙසේ වෙතත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පතට ආගමික නායකයන්ගේද දැඩි විරෝධය එල්ලවී තිබේ. එවැනි කාරණයක් ජනමත විචාරණයකට ඉදිරිපත් කලද ශ්‍රීලාංකික සමාජයේ විශ්වාස හා මතවාද අනුව ඊට බරපතල පරාජයක් හිමිවීම වැළක්විය නොහැක. මැතිවරණ අභියස සිටියදී මෙවැනි ආන්දෝලනාත්මක කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා ප්‍රවේශමෙන් කටයුතු කළයුතුව තිබේ.

                                        නිවාස බද්ද ගැන හැමෝම බයවෙලා 

ආණ්ඩුව නිවාස බද්දක් අයකර ගන්නට යන බවට මේ වන විට රටේ සමස්ත ජනතාවම බියට පත්ව සිටින කාරණයකි. මෙය මැතිවරණ වලදී ආණ්ඩුවට ඉතාම අහිතකර ලෙස බලපෑම වැළක්විය නොහැක. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළ කරමින් පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීය.

පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා මේ බද්ද ඉවත් කරගන්නා බව කියනවා නම් සතුටු වෙන බව කී මන්ත්‍රීවරයා නමුත් මූල්‍ය අරමුදලේ ගිවිසුම වචනයක්වත් වෙනස් කරන්නට බැරි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබෙන්නේ යැයිද , ඊළඟ මාස හතරේ නිර්මාණය වන අලුත් ආණ්ඩුව යටතේ මේ අසාධාරණ බදු වෙනස් කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
කෙසේ වෙතත් මෙවැනි බද්ද කින් අපේක්ෂිත ආදායම කොතරම් දැයි පැහැදිලි නැත. එවැනි ආදායමක් ලබා ගැනීම සඳහා වෙනත් ක්‍රමවේද භාවිත කිරීම මිස දැඩි ආර්ථික අගහිඟකම් වලින් පෙලෙන ජනතාවට මෙවැනි බදු කිසිසේත් ඔරොත්තු නොදෙනු ඇත. රට ගැන මෙවැනි තීරණ ගන්නේ IMF එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් රටක ආණ්ඩුවක් මොකටදැයි ජනතාව දැනටමත් ප්‍රශ්න කරනු පෙනේ.

                                               IMF තුන් වන වාරිකයත් ලැබෙයි 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ලබාගෙන ඇති විස්තීරණ ණය පහසු කමේ තුන්වැනි වාරිකය වන ඩොලර් මිලියන 336ක් පසුගියදා නිකුත් කළේය.තුන්වැනි වාරිකය මුදාහැරීමත් සමග විස්තීරණ පහසුකම යටතේ ලංකාව ලබාගෙන ඇති මුදල ඩොලර් බිලියනයක් දක්වා ඉහළ ගොස් තිබේ.මේවනවිට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.4ක් දක්වා ඉහළ නංවා ගැනීමට මහ බැංකුවට හැකිවී තිබෙන්නේ මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය වන ඩොලර් බිලියනයද සමගය.වැට් බදු සියයට 18ක් දක්වා ඉහළ දැමීම වෘත්තිකයන්ට සියයට 36ක් දක්වා ආදායම් බදු පැනවීම, සංචාරක, අධ්‍යාපන, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදී විදේශ විනිමය රටට රැගෙන එන කර්මාන්ත මත බදුබර වැඩිකරීම යනාදී කරුණුවලින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට තැත්කිරීම නිසා ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
IMF නිසා ව්‍යාපාර – සේවකයන් – ජනතාව හාන්සියි
විදුලි මිල සියයට තුන්සියයකින් පමණ වැඩි කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසාදමා තිබේ. ඒවගේම තවත් දහස් ගණනක් තාවකාලිකව වසා දමා තිබේ. විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම එය භාර ඇමති කාංචන ගේ දක්ෂතාවයක් ලෙස පෙන්නුම් කරන්නට උත්සහ ගත්තද ඒ හේතුවෙන් සේවකයන් ලක්ෂ පහකට වඩා වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබේ. ගෙවල් ලක්ෂ ගන්නක විදුලිය විසන්ධි කර ඇති අතර මේ නිවාසවල කිසිවෙකුත් අන්ධුවට පක්ෂව ඡන්දය භාවිත කරාවිද යන්න සැක සහිතය. එසේම ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය වන ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස්, රාජ්‍ය බැංකු යනාදී ආයතන මූල්‍ය අරමුදල නිර්දේශ මත විකුණා දැමීම රටේ බහුතර ජනතාව අනුමත කරන්නේ නැත.

                                         ඕනෑම රජයක් සමග කටයුතු කරන්න IMF සුදානම්ලු 

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බවත් ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි වියයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් පසුගියදා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන වග ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවත් පැවසු පීටර් බෘවර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු දෙනාගේ මත වලට ඇහුම්කන් දීමට සූදානම් නමුත් එම මත යථාර්තවාදී වියයුතු බවද ප්‍රකාශ කළේය.

කිසිම විටෙක වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව පැවසු බෘවර් 1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ රජයේ ආදායම 2022 වනවිට සියයට 8 ක් දක්වා පහත වැටී ඇතැයි ද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙරට ජනතාව IMF සම්බන්ධයෙන් දැඩි තීරණ ඉදිරියේදී ගන්නට ඉඩ ඇති අතර එසේ වුවහොත් එහිදී ඇතිවන තත්වයන් දැඩි බරපතල තත්වයක් රට තුල ඇති කරනු ඇත. IMF ක්‍රියාකලාප සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය ජනතාව තුල දැඩි විරෝධයක් ඇතිවෙමින් පවතී.

                                            පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසිද ?

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කරන නව නීති මාලිමා රජයක් යටතේ ගෙන එන බව ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
මෙම නව නීති ගෙන ඒම සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය කරනවා
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප රටට මහා බරක්, රජයේ සේවකයෙක් අවුරුදු විස්සකට වඩා රාජකාරි කරන්න ඕනේ විශ්‍රාම වැටුපක් ගන්න. නමුත් පාර්ලිමේන්තුවට ගියොත් අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප ලැබෙනවා. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනේ. මේ විශ්‍රාම වැටුපට හිමිකම් කියන්න මේ අය මාස තුනකට වරක් පාර්ලිමේන්තු රැස්වීමකට ආව නම් ඇති. මොන තරම් අසාධාරණයක්ද මාලිමා රජයක් බලයට ආ විගස මේ විශ්‍රාම වැටුප අපි අහෝසි කරනවා.” ලාල් කාන්තා පැවසීය.

                                                  ධම්මික ජනාධිපතිවරණයට එන හැටි කියයි 

පොහොට්ටුව හෙවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂයා වෙතැයි බොහෝදෙනා විශ්වාස කරන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරාය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ පැහැදිලි ස්ථාවරයක් තවමත් නොමැත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා පැවසීය.

පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.එම කොන්දේසි දහය අනුව රක්ෂා හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු කීවේය.

                                     ධම්මිකට බලය ලැබුනොත් බන්ධනාගාර වලට වෙන්න යනදේ ?

“මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස් 115 ක් තියෙනවා” ලංකාවේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා හැමෝම ප්‍රශ්න කරනවා. මේ රටේ ආර්ථිකය හදන එක හිතන තරම් අපහසු දෙයක් නෙමෙයි. මූලිකව ඒ සඳහා අවශ්‍ය වෙන්නේ වඩා ශක්තිමත් හොඳ ක්‍රමවේදයක් පමණයි. මේ රටේ හැම මනුස්සයෙක්ම හොඳයි. හොරු මංකොල්ලකාරයෝ නරක මිනිස්සු කියලා කොට්ඨාශයක් මට නම් මුණගැහිලා නෑ. හැබැයි මිනිසුන් හොඳ වෙන්න නම් ඒ මිනිසුන්ට හොඳ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුව තියෙනවා. වඩාත් හොඳ ශක්තිමත් ක්‍රමවේදයකට වැඩකරන මිනිසුන් හොර බොරු වංචා කරයි කියලා මම හිතන්නේ නැහැ., එලෙස වඩාත් හොඳ ශක්තිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලංකාවේ ආර්ථිකය සකස් කිරීමේදී මුලින්ම අවධානය යොමු කළ යුතුව තියෙන්නේ සමාජයට ප්‍රවේශවීමට ආසන්නයෙන්ම සිටින පරම්පරාවට බව මහනුවර දිස්ත්‍රික්ක‍යේ ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හි අධ්‍යාපනය ලබමින් ඒ ඒ අධ්‍යයන අදියර සම්පූර්ණ කළ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය වෙනුවෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණ‍යේදී පැවැති ජයග්‍රාහී 28 වැනි සහතික ප්‍රධානෝත්සවයේදී ධම්මික පෙරේරා කියා සිටියේය.

අද පාසල් 10100 තියෙනවා. ඒ තරම් පාසල් ප්‍රමාණයක් තිබුණත් ඒ බොහෝ පාසල්වලින් නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මේ රටේ පාසල් වලින් ජාත්‍යන්තර අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් ලැබෙනකම් මේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. ඒ කතාව උදාහරණයකින් පැහැදිලි කරගමු. අද හිරේ ඉන්න මිනිසුන්ගෙන් 85%ක්ම අට පාස් නැහැ. එහෙම බැලුවොත් හිරේ යන මිනිසුන් බිහි කරන්නෙත් රජය විසින්ම තමයි. හැම දරුවෙක්ම තමන්ගේ දරුවෝ කියලා හිතුවොත් පාසල් නොයන දරුවන් ගැනත් හොයලා ඒ දරුවන්ව පාසල් යවන්න වැඩපිළිවෙළක් හදන්න මේ අයට පුළුවන්නේ. අඩුම තරමේ අට පාස් වෙනකම් හරි මේ රටේ අධ්‍යාපන ක්‍රමය මෙහෙයවන්න පුළුවන්කම තියෙනවනේ. හිර ගෙවල් උසාවි හදන්න සල්ලි වෙන් කළත් පාසල් හදන්න ඒ තරම් සැලකිල්ලක් දක්වන බවක් පේන්නේ නැහැ.මේ රටේ දරුවන් සියල්ලටම අඩුම තරමේ අට පාස් විය හැකි ක්‍රමවේදයක් හැදුවා නම් රටේ හිර ගෙවල් වලින් 85%ක් ඉබේම වැහිලා යනවා” ධම්මික පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan