නිමල් සිරිපාල පාර්ශ්වය ශ්‍රීලනිප විශේෂ විධායක සභා රැස්වීමක් කැඳවයි

0
232

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (19) පස්වරුවේ කැඳවා තිබේ.

ඒ, එම පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එම රැස්වීමට පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මැති ඇමතිවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විධායක සභිකයින් පිරිසක් සහභාගී වීමට නියමිත අතර එහිදී නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.