(VIDEO):මහ බැංකු අධිපතිට සහ නිලධාරීන්ට වැඩ වරදියිද? වැඩි වූ පඩි ගැන වාර්තාවෙන් පාර්ලිමේන්තුවත් කැළඹෙයි!

Date:

කොළඹ LNW:මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම නීත්‍යානුකූල නොවන බවට ඒ ගැන විමර්ශනයට පත්කළ කමිටු වාර්තාවෙන් අනාවරණය වන හෙයින් මහ බැංකු අධිපතිවරයා සහ එම නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද යන්න පැහැදිලි කරන ලෙස අද (19) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් විමසා සිටියහ.

ඒ අනුව උක්ත කාරණා සම්බන්ධයෙන් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා හෝ කරුණු පැහැදිලි කළ යුතුව ඇති බවයි වීරවංශ මහතා සඳහන් කළේ.

මහ බැංකුවේ නිලධාරීන් විසින් වැටුප් වැඩිකරගැනීමට අදාළව පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනා අදාළ වාර්තාවේදී ඔප්පු වී තිබෙන අතර මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන හෙයින් ඒ ගැන වගකීමක් පාර්ලිමේන්තුවට ඇති බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...