*
Friday, October 25, 2024
spot_img

Latest Posts

බංග්ලාදේශය ලබාදුන් ඩො.මි. 200 දැනටමත් ගෙවා අවසන් – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බවත් , වසර 30ක යුද්ධයෙන් පීඩා විඳී උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීමට කැප වෙන බවත්, 2024 සමස්ත ඉන්දීය හවුල්කාර හමුව අමතමින් ජනපති පවසයි.

දුෂ්කර වසර දෙකක කාලය තුළදී රටේ කටයුතු ඉදිරියට ගෙන යාමට ඉන්දියාව ලබා දුන් ඩොලර් බිලියන 3.5 ක ණය මුදල ශක්තියක් වූ බව කී ජනාධිපතිවරයා, එම මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන බවද මෙහිදී සඳහන් කළේය. ඒ වගේම බංග්ලාදේශය අපට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බවද කියා සිටියේය.

මුළු නැගෙනහිර වෙරළ තීරයම සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත වෙන බවත්, ගාල්ල ප්‍රමුඛ දකුණු පළාතේ හෝටල් සඳහා අමතර ඉඩම් ලබා දීමත් සිදු කෙරෙන බවත් පැවසූ ජනාධිපතිවරයා , රට තුළ තවත් ආයෝජන කලාප විවෘත කෙරෙන බවත්, අපගේ වෘත්තීය පුහුණු වැඩසටහන පුළුල් කිරීම ද සිදු කෙරෙන බවද පැවසීය.

ඒ නිසා මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 20වනදා කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 (AIPM 2024) අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේ,

” අද මෙම රැස්වීම ශ්‍රි ලංකාවේදි පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ මම මහත් සතුටට පත්වෙනවා. එමගින් අපගේ රටවල් දෙක අතර තිබෙන සමීප මිත්‍රත්වයත්, ශ්‍රී ලංකාව පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසයත් පිළිබිඹු වෙනවා.

දුෂ්කර වසර දෙකක කාලය තුළදී රටේ කටයුතු ඉදිරියට ගෙන යාමට ඉන්දියාව අපට ලබා දුන් ඩොලර් බිලියන 3.5 ක ණය මුදල ශක්තියක් වූ බව කිවයුතුයි. එම මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන බවද මම මෙහිදී සඳහන් කිරීමට කැමතියි. ඒ වගේම බංග්ලාදේශය අපට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල අප දැනටමත් ගෙවා අවසන් කර තිබෙනවා.

අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැත් වු සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් කර තිබෙනවා. එළැඹෙන සතියේ අපගේ නිල ණය හිමියන්ගේ කමිටුව රැස්වන අතර අපට ණය දුන් රටවල්, පැරිස් සමාජය, ඉන්දියාවේ නියෝජිතයන් ඇතුළු පිරිස එහිදී හමුවීමට අප සූදානමින් සිටිනවා. ඒ වගේම චීනය හා චීන එක්සිම් බැංකුව සමගත් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉන්පසුව අපට ණය දුන් රටවල් සහ චීනයේ එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්ගත විමට අප සූදානමින් සිටිනවා. ඒ අනුව එළැඹෙන බදාදා පමණ වන විට අප නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) හමුවෙනවා. ඉදිරි සතිය වන විට හෝ ඉන් පසුව, අප රටක් ලෙස බංකොලොත්භාවයෙන් මිදී ඊළඟ අදියර කරා ගමන් කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.


නමුත් මෙයින් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැහැ. නැවත රට තුළ ආර්ථික කඩා වැටීමක් සිදු නොවීමට නම් අප නව ආර්ථික ක්‍රමවේදයකට කඩිනමින් පරිවර්තනය විය යුතුයි. එය තරගකාරී, ඩිජිටල් අපනයන ඉලක්ක කරගත් හරිත ආර්ථිකයක් විය යුතුයි. අප වෙත පැවරී ඇති දෙවන වගකීම වන්නේ එයයි. ඒ නිසා අප මෙම නව ආර්ථික ප්‍රතිපත්තිය නීතිගත කිරීම වෙනුවෙන් නව ප්‍රවේශයක් ගැනීමට තීරණය කළා. ඒ වගේම විදේශ ආයෝජන, අපනයන ආදායම ඉහළ නැංවීම සහ බහුමාන දරිද්‍රතාවය අවම කිරීම සඳහා නිර්ණායක සකස් කිරීම කළ යුතු වෙනවා. මෙම කලාපය තුළ එවැන්නක් සිදු කරන පළමු රට ශ්‍රී ලංකාව බව මම විශ්වාස කරනවා.


ආණ්ඩුවක් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ පසු, ඊළඟට පැමිණෙන ආණ්ඩුව අනිවාර්යයෙන්ම එම ප්‍රතිපත්තිය වෙනස් කරනවා. එවිට රටක් ලෙස අපට කිසිදා ඉදිරියට යා නොහැකියි. අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ පූර්ව ව්‍යවස්ථාදායක පරීක්ෂාවට ලක් වෙමින් පවතිනවා. අප සකස් කර ඇති ආර්ථික ප්‍රතිපත්තිවලට අමතරව, ආයෝජන මණ්ඩලයේ කාර්යයන්ද සහිතව සමස්ත ආයෝජන ක්‍රියාවලිය මෙහෙයවනු ලබන ආර්ථික කොමිෂන් සභාව වැනි නව ආයතන ද එම පනත මගින් පිහිටුවීමට අපේක්ෂා කරනවා.


ආයෝජන කලාප කළමනාකරණය කිරීම සඳහා වෙනම නියෝජිතායතනයක්, අපගේ ජාත්‍යන්තර වෙළඳාම නංවාලීම සඳහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්, ඵලදායිතා වැඩිදියුණු කිරීම් සහතික කිරීම සඳහා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් සහ ආර්ථික හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතනයක් ඊට ඇතුළත් වෙනවා. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට සහ හැඩගැස්වීමට නිල සහ නිල නොවන සාමාජිකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ වෙනත් අයට රැස්විය හැකි චින්තන පර්ෂදයක් බවට පත්කිරීම අරමුණයි.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට එකඟ වූ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව මම පසුගිය සතියේ නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කළා. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා. ඉදිරි සංවර්ධන අරමුණ ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ මනා සහයෝගයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරනවා. එහිදී විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි සැපයුම් ජාල අතර අන්තර් සම්බන්ධතාවක් ඇති කිරීමයි. එවිට ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට තිරසාර බලශක්තිය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙන අතර එයින් නව ආදායමක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සාම්පූර් හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මෙම ජුලි මාසයේ දී ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.අපගේ බලශක්ති හවුල්කාරිත්වයේ පදනම බවට එම ව්‍යාපෘතිව පත්වනු ඇති අතර සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය සඳහා පොක් සමුද්‍ර සන්ධිය සංවර්ධනය කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

රටවල් දෙකම එකට එකතු වී සූර්ය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා මහා පරිමාණ බලාගාරයක් ඇති කිරිමට ද බලාපොරොත්තු වෙනවා. යුද්ධයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ උතුරු පළාත තුළ නව ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි.


මීට අමතරව, යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන වරාය වන කන්කසන්තුරෙයි වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහාය ලබාගැනීම පිළිබඳව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡාවේ දී ප්‍රමුඛ අවධානයක් යොමු කෙරුණා. ඒ වගේම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක පලාලි ගුවන්තොටුපොළ සහ කොළඹ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද අප සාකච්ඡා කළා.
ශ්‍රී ලංකා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ඉන්දියාවේ අමුල් කිරි නිෂ්පාදන සමාගම සමඟ එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු කෙරුණා.


ඒ වගේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කර ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ද අප පුළුල් වශයෙන් සාකච්ඡා කළා. ත්‍රිකුණාමල සංවර්ධනය ව්‍යාපෘතියට කර්මාන්ත සඳහා වන ආයෝජන කලාපයන් ද ඇතුළත් වෙනවා. ඒ වගේම එහි සංචාරක කලාපයන් ද තිබෙනවා. එසේම නාගපට්නම් සිට ත්‍රිකුණාමලය දක්වා විහිදෙන බහු නිෂ්පාදන තෙල් නළ මාර්ගයක් ඉදිකිරීමටද බලාපොරොත්තු වෙනවා. අප ඒ පිළිබඳ අවසාන නිරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් බලා සිටිනවා.
ඒ වගේම ත්‍රිකුණාමලය තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ද අපේක්ෂා කරන අතර වරාය සහ ආයෝජන කලාප ගොඩනැගීමත් සමඟම ත්‍රිකුණාමලය වරාය බෙංගාල බොක්කෙහි පිහිටි ප්‍රධාන වරායක් බවට පත් වනු ඇතියි.


අද මුළු නැගෙනහිර වෙරළ තීරයම සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත වෙනවා. ගාල්ල ප්‍රමුඛ දකුණු පළාතේ හෝටල් සඳහා අමතර ඉඩම් ලබා දීමත් සිදු කෙරෙනවා.රට තුළ තවත් ආයෝජන කලාප විවෘත කෙරෙනවා. අපගේ වෘත්තීය පුහුණු වැඩසටහන පුළුල් කිරීම ද සිදු කෙරෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් අප ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා
” ලෙස ජනපතිවරයා ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan