දිලිත්ගේ දන්සැලෙන් පොල් රොටී කෑ රනිල්ගේ පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකයා MJP යට පනී !

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා මව්බිම ජනතා පක්ෂයට එක්ව තිබේ.

අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අරුන් සිද්ධාර්ථන් මහතා එම පක්ෂයට එක්වූ අතර මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් ඔහුව මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් පත් කරන ලදී.

අරුන් සිද්ධාර්ත් එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකයා වශයෙන් පත්වූයේ 2024 මාර්තු 22 වනදා ය. ඒ අනුව හරියටම මාස තුනක් තුළ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මව්බිම ජනතා පක්ෂයට මාරු වී ඇත.

කෙසේවෙතත් ඊයේ (21) පැවති දිලිත් ජයවීර මහතාගේ පොල් රොටී දන්සලට ද අරුන් සිද්ධාර්ත් සහභාගී වී සිටින ආකාරය දැකගත හැකිවිය.

බලයේ සිටින ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයෙක් වෙනත් පක්ෂයකට මාරු වීම යනු සරල කරුණක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේ මාරුවීම කොහෙත්ම සරල නැත. අරුන් සිද්ධාර්ත් වැන්නෙකු වුවත් එසේ කිරීම දේශපාලනිකව සලකා බැලිය යුතු තත්වයකි.

ජුනි 22 මජප සංවිධායකයා වශයෙන් පත්වීම
ජුනි 21 දිලිත්ගේ දන්සැලට සහභාගී වීම
මාර්තු 22 එජාප සංවිධායකයා වශයෙන් පත්වීම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...