ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

වත්තේගම සිට අනුරාධපුර වන්දනාවේ යමින් සිටි ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව සඳහන් වේ.

කිරුළුගම ප්‍රදේශයේදී මහනුවර දෙසට ගමන් කළ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අදාළ ත්‍රීරෝද රථය අනතුරට ලක්ව තිබෙන අතර, මාතලේ පොලීසිය සඳහන් කළේ, අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව සහ දියණිය වන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය පැදවූ රියදුරා සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...