AI වලින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කළ බවට පැමිණිල්ලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සහ එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

මේ පැමිණිල්ල මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ඇති බවයි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එය ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්වවලින් පැමිණිලි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි .

මෙම පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර, දැනට සිදු කර ඇති විමර්ශනවලට අනුව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හා රැප් සංගීතය යොදා ගනිමින් කරණීය මෙත්ත සූත්‍රය මෙලෙස විකෘති කර සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇති බවට වාර්තා වේ. එම අපරාධයට වගකිව යුතු පිරිස් හඳුනාගෙන ඊට එරෙහිව ඉක්මනින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.

ඔවුන්  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙලෙස විකෘති කරන ලද කරණීය මෙත්ත සූත්‍රය සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන බෙදාහැරීමෙන් වළකින ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...