අපේ සහෝදරයින්ගේ කතා ප්‍රතිවාදීන් විකෘති කරනවා. එහෙම දේවල් කියලා නෑ – ධර්ම සංගායනා කතාව ගැන හරිනි කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම පක්ෂයේ නායක සහෝදර සහෝදරියන් කියන කතා ප්‍රතිවාදීන් විසින් විකෘති කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමියලාගෙ පක්ෂයේ නායකයො කියන දේවල්වලින් ඡන්ද කැඩෙනවා නේද ? බුදුන් වහන්සේ ධර්ම සංගායනාවට ආවා කියනවා, ගමේ අයට නඩු අහන්න දෙනවා කියනවා, මේ තත්වය පාලනය කරන්න වැඩපිළිවෙලක් නැද්ද ?

“මෙහෙමයි, අපේ සහෝදර සහෝදරියන් කියන කතා විකෘති කරන්නේ අපේ ප්‍රතිවාදීන්. ඔය වගේ දේවල් ඇත්තටම කියලා තියෙනවාද නැද්ද කියන එකත් හරියට හොයලා බලනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. එහෙම දේවල් එහෙම කියලා නෑ. අපි හැමතිස්සෙම කතා කරලා තියෙන්නේ මේ රටේ සියලුම ආගම්වලට ගෞරවයක් දෙන විදියට දේශපාලනය කළ යුතුයි කියලා”

ප්‍රශ්නය – දැන් ඔබතුමියලා බුදු දහමෙන් ඈත්වෙලා, බුදු දහමට ලැදියාවක් නෑ කියලා සමාජයේ මතයක් තියෙනවා ?

“මම හිතන්නෙ සුදු ඇඳගෙන පිරිත් නූල් බැඳගෙන මේ රටේ බුද්ධාගම වෙනුවෙන් පෙනී හිටපු අය විශාල හානියක් මේ වෙනකොටත් බුද්ධාගමට කරලා තියෙනවා. අපි අපේ ආගම දේශපාලනයට පාවිච්චි කරන්නෙත් නෑ, කැමරාවක් ඉස්සරහා රඟපාන්න අපි ඒක පාවිච්චි කරන්නෙත් නෑ. ඒක අපේ ප්‍රතිපත්ති තුළ, අපේ දේශපාලන භාවිතාව තුළ, පුද්ගලිකව අපි හැසිරෙන විදිහ තුළ තමයි ඒක මනින්න වෙන්නෙ. අඩුම තරමේ හැම ආගමකම තියෙන මූලික මූලධර්ම ටික – හොරකම් කරන්න එපා කියන එක අපි බලමු. ඔය සුදු ඇඳගෙන පිරිත් නූල් බැඳගෙන ඉන්න අය අඩුම ගාණෙ ඒකවත් රකිනවාද ? නෑනෙ. ඉතින් බුද්ධාගම ගැන කතා කරන්න මොකක්ද ඒගොල්ලොන්ට තියෙන අයිතිය ?”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22) ගම්පහ ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...