අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු දමීමේ තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

හෙට (24) සහ අනිද්දා (25) දෙදින , අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

ඔවුන් පැවසූවේ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව පවසයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ද දින 50කට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.

ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේනම් හෙට හෝ අනිද්දා වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බව එහි සම සභාපති මංගල දඹරේරා මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...