උද්ඝෝෂණයකට සැරසෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින්ට වාරණ නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක් දීපව්‍යාප්තව අද සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

මේ හේතුවෙන් බොහෝ පාසල්වල වැඩ කටයුතු අක්‍රීය වී තිබුණි. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ පාසල් කටයුතු අඩාල නොවීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බවයි.

තවද, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින්ට ජනාධිපති මන්දිරය ඇතුළු රජයේ ප්‍රධාන කාර්යාල කීපයකට ඇතුළුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන අතර, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම , අධ්‍යාපනය පෞද්ගලීකරණය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද දිනයේ අසනීප නිවාඩු වාර්තාකර වැඩවර්ජනයකට එළඹ සිටී.

ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ, මීට දින කීපයකට පෙර වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කළද අධ්‍යාපන අමාත්‍යංශය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.මේ අතර ගුරු සහ විදුහල්පති සංගම් කොළඹ කොටුවට පැමිණ උද්ඝෝෂණයක් සිදු කිරීමට ද සැළසුම් කර තිබෙන අතර, එම නියෝජිතයින්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය , මුදල් අමාත්‍යංශය , ගාලු මුවදොර භූමිය යන ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළ බව සඳහන් වේ.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...