ඉස්සරහටත් අගමැති මමම තමයි, රනිල්ගෙයි අපෙයි කිසි සම්බන්ධයක් නෑ – මහින්ද

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බවට පළවන වාර්තා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවා. අගමැතිධුරයෙන් ඉවත්වීමට හෝ වෙනත් පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කිරීමට හෝ කිසිදු සූදානමක් නොමැති බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

වත්මන් ආණ්ඩුවේ නිළ කාලය අවසන් වනතෙක් රටේ අගමැතිවරයා තමා බවත්, ඉන්පසු නැවතත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණට හැකියාව තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. යළිත් වරක් රටේ බලය පොදුජන පෙරමුණට ලබාදීමට ජනතාව කටයුතු කරනු ඇතැයි දැඩි විස්වාසයක් තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවයි.

ඉන්ධන හිගය, ගෑස් හිගය ඇතුළු ගැටලු ගණනාවකට ජනතාව මුහුණ දී සිටින බවත්, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ කුමන ගැටලු තිබුණද රටේ බහුතර ජනතාව ආණ්ඩුව කෙරහි තැබූ විස්වාසය බිඳකින් හෝ අඩු වි නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...