සමඟියේ 15ක් 20ක් රනිල් එක්ක? ජනාධිපතිගේ ජාතිය ඇමතීමෙන් පසු සමඟිය තවත් හෙල්ලිලාද?

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල ගැන පැහැදීමකින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු 15ක් 20ක් පමණ සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන් අඛණ්ඩව ජනාධිපතිවරයා සමඟ සම්බන්ධතා පවත්වමින් තිබෙන අතර අවශ්‍ය මොහොතේදී ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් පසුවෙන බව සඳහන්.

ඊයේ දින ජාතිය අමතා ජනාධිපතිවරයා කරන ලද විශේෂ ප්‍රකාශයෙන් පසු වික්‍රමසිංහ මහතා වෙත සහය දැක්වීමට සූදානමින් සිටින පිරිස තවදුරටත් ප්‍රබෝධයෙන් පසුවන බවද කියවෙයි.

සමඟිය තුළ සිටින බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ අකර අත්දැකීම් ඇති හෙයින් මේ මොහොතේ දේශපාලනිකව වඩා වැදගත් තීරණ ගත යුතුව ඇති බවටයි එම කණ්ඩායම අතර සාකච්ජා වී ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් නොකළ යුතු වන බවදටද ඔවුන් අතර එකනගතාවක් ඇතිව තිබෙන බවටද වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...