ඉතිහාසයේ පළමු වරට ග්‍රාම නිලධාරීන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

0
247

සටහන – රුවන් නෙළුගොල්ල

නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සිට ජුනි 30 වනදා දක්වා දින 04ක් සියලුම රාජකාරිවලින් ඉවත් වන බව ග්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව 30 වනදා සවස රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු අයි. ජී. නෙත්තිකුමාර මහතා සඳහන් කළේ.

වසර 61 ක් වන ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයෙහි ග්‍රාම නිලධාරීන් මෙසේ දින හතරක් සියලුම රාජකාරිවලින් ඉවත් වන පළමු අවස්ථාව මෙය බව සඳහන්.