ගුරු සේවය අත්‍යවශ්‍ය වන ලකුණු – වෘත්තීය සමිති වෙත ජනපතිගෙන් රතු එළි!

Date:

කොළඹ LNW:පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ නොතබන අතර හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ,අද (27) පස්වරුවේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පර්ශ්වයේ මහානායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ සමඟ කෙරුණු පිළිසඳරේදීය.

ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව මහානායක හිමිවරු දැනුවත් කරමින් කිරීමේ වැඩපිළිවෙලේ අදියරක් ලෙසයි ජනාධිපතිවරයා උන්වහන්සේ බැහැ දැකීමට ගොස් තිබුණේ.

මේ දිනවල ක්‍රියාත්මක වන ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ගුරු වෘත්තියේ ගරුත්වය අහිමි වෙමින් පවතින අතර කදුළු ගෑස් වැදී බැරියර් කඩාගෙන එන ගුරුවරයෙකුට දරුවන්ට ආදර්ශයක් විය නොහැකියි බවයි වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

”අද ලෝකය පුරා ථෙරවාද බුදු දහමට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ථෙරවාද බුදුදහම අධ්‍යයනය කිරීම සඳහා අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ථෙරවාද බුදුදහම පිළිබඳ ඇල්මක් දක්වන දෙස් විදෙස් සියලුදෙනාට එම මධ්‍යස්ථානයට පැමිණ අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා.ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ බෞද්ධ ආගමික ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයන කරන ආයතනයක් පිහිටුවා තිබෙනවා. එමගින් මහායාන බුදුදහම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එවැනි බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රයක් අපද ඇති කළ යුතුයි.ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ මතුව ඇති ගැටළු එම නිකායන් විසින්ම විසඳිය යුතුයි. ඒ සඳහා නිකායේ කාරක සංඝ සභාවට බලය තිබෙනවා. පැවිදි ගුරු වෘත්තියේ නිරතව සිටින ස්වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධවත් අදාළ නිකාය විසින් තීන්දු තීරණ ගත හැකියි. කතෝලික සභාවෙන් පාලනය වන පාසල්වල පියතුමන්ලාට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට අවස්ථාවක් නැහැ.”

සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදුන් රුපියල් මිලියනයක මුදලට අදාළ චෙක්පත මහ නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

අමාත්‍ය මනුෂ නානායක්කාර, සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...