වැරදිකරුවන්ට දඬුවම් නොදීම අනාගතයට වැරදි ආදර්ශයක් සැපයීමක් – හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 27, (LNW) කොළඹ :

හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් පනවන ලද පවුම් 50000 ක දඩය සඳහා හේතු වූ නිලධාරීන්ටත්,අසංග සෙනවිරත්නගේ සහ ලසිත ගුණරත්නගේ සමයේ ශ්‍රී ලංකා රග්බි රුපියල් මිලියන 55 ක් ණය කිරීම සම්බන්ධයෙනුත් පරීක්ෂනයක් පවත්වන ලෙස ඉල්ලා,ක්‍රීඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයාට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු වාර්තා කිරීමට අද ඔම්බුඩ්ස්මන් වරයා වන චූලානන්ද පෙරේරාව මුණ ගැසුණා.
එම හමුවීමෙන් පසුව ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවැනි වැරදි සම්බන්ධයෙන් දඬුවමක් ලබා නොදුන්නොත් ඉදිරියේදී පත්වන අය මීටත් වඩා වැරදි කළ හැකි බවයි.වැරදිකරුවන් සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගෙන,දිගින් දිගටම පරිපාලනයට සම්බන්ධ වීමට ඉඩ දීමෙන් අනාගතයට වැරදි පූර්වාදර්ශයක් සපයන රිස්ලි ඉල්ලියාස්ගේ අදහසයි.


එම හමුවේදී ඔම්බුඩ්ස්මන්වරයා අදාළ කාරණා හොඳින් තේරුම් ගත් නමුත්,තමන්ගේ තනතුරට අදාළව ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට හැකි ද යන්න සොයා බැලිය යුතු බව ප්‍රකාශ කළ බව හිටපු රග්බි සභාපතිවරයා මාධ්‍යයට පවසා සිටියා.කෙසේ නමුත් ඔම්බුඩ්ස්මන්වරයා මේ සම්බන්ධයෙන් අදාළ වාර්තාවක් සකසා අමාත්‍යවරයාට අනිවාර්යෙන්ම ලබා දෙන බව ප්‍රකාශ කළ බව ද ඉල්ලියාස් මාධ්‍යයට පවසා සිටියා.


ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පියවරක් ගනියි.”


රිස්ලි ඉල්ලියාස් එසේ ප්‍රකාශ කළේ ඔහු විසින් පැවසූ කරුණු සනාත කිරීමට අවශ්‍යය දත්ත ඔම්බුඩ්ස්මන්වරයාට ලබා දුන් බැවින් ඒ සම්බන්ධයෙන් සියලු කරුණු සොයා ගැනීම අපහසු නොවන බව පෙන්වා දෙමින්.


“මේ තොරතුරු සනාත කරගන්න අවශ්‍යය දේවල් විගනාකාධිවරයාගෙන් ලබා ගන්නත් පුළුවන්,ඒ වගෙම දඩය සම්බන්ධයෙන් තොරතුරු ලෝක රග්බි සම්මේලනයෙන් ලබා ගන්නත් පුළුවන්.”


එසේ කී රිස්ලි ඉල්ලියාස්,ලංකාවේ රගර් ව්‍යවස්ථාවට පිරිසක් කරන වැරදි බලපෑම වගේම,ඒ බලපෑම කරන අයගේ හේතුවද අමාත්‍යවරයාට මෙන්ම ලෝක රග්බි සම්මේලනයට ද මේ දඩ ගැසීම සඳහා වූ හේතුව පිටුපස සිටින පිරිසගෙන් හඳුනාගන්න පුළුවන් යනුවෙන් ද පැවසුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...