ඇහැලියගොඩ නාය යාමක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

අද දහවල් 1ට පමණ මෙම නායයෑම සිදුවී ඇති අතර නායයෑමේ ලක්ෂණ අද උදෑසන සිටම දක්නට ලැබීම හේතුවෙන් නිවාස අවටවූ පවුල්වල පිරිස් ඉවත්වී තිබුණු අතර, මෙම නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලාබසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන ඇති බව සඳහන් වේ.

මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...