මම වගකීමෙන් කියන්නේ බාල තෙල් අපි ගෙනල්ලා නැහැ – ලොකුගේ (VIDEO)

Date:

බාල ඉන්ධන ආනයනය කර ඇති ඇතැමුන් දැන් චෝදනා කළද තමන් වගකීමෙන් පවසන්නේ එවැනි බාල ඉන්ධන ගෙන්වා නැති බවත් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවත් යන්න බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.

ඒ, අද (29) ශ්‍රී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එමෙන්ම ඉදිරියේදී පිරිපහදු සඳහා ඉන්ධන ගෙන්වීමද සිදුකරන අතර එම කටයුතුවලටද ඉදිරියේදී බාධාවක් ඇති නොවන බව අමාත්‍යවරයා කියාසිටියේය.

මේ මොහොත වන විටත් පෙට්‍රල් අවශ්‍ය පරිදි තිබෙන අතර ඩීසල් පවතින්නේ සීමිත ප්‍රමාණයක් වුවද ඩීසල් රැගත් නැවක් 31 වැනිදා මෙරටට පැමිණෙන බවත් ඉදිරි දින වලදීද එලෙස නැව් කිහිපයක් පැමිණීමට නියමිත හෙයින් අවුරුදු සමය වන විට ඉන්ධන සඳහා පවතින තදබදය සම්පූර්ණයෙන්ම නතර කර ගත හැකි බවයි ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කළේ.

කෙසේවෙතත් ඊයේ දිනයේදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කළේ ඉන්ධනවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් පවතින අතරම එම ප්‍රමිතිය ගැන සොයා බැලීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටද බලයක් නොමැති බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...