රජයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක්!

කොළඹ LNW:රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සේවා කාලය මත පදනම්ව මෙතෙක් ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් විසිපන්දහසක විශේෂ මාසික දීමනාවක් ගෙවීමටයි රජය තීරණය කර ඇත්තේ.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ හා වාස්තු විද්‍යාඥ සේවයේ මෙන්ම ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමිවන බව අදාළ චක්‍රලේඛයේ සදහන් වෙයි.

චක්‍රලේඛය අනුව විධායක නිලධාරීන් සදහා වන මෙම විශේෂ දීමනාව ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...

“කුමන දෙයක් සිදු වුවද” ශ්‍රී ලංකාව කිසි දිනක තනිකර නොදමන බව චීනය පවසයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආසියාවේ භූ-දේශපාලනික භූමිය...

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...