Guam දූපතේ ඇමරිකානු හමුදාව ස්ථානගත කිරීමේ සූදානමට චීනයේ විරෝධය!

Date:

කොළඹ LNW:Guam දූපතේ ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීම පිළිබඳ ඇමරිකාව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Wu Qian මහතා සඳහන් කළේ ඇමරිකානු හමුදාව ඉදිරියේ දී Guam දූපතේ ඇමරිකානු ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම චීනයේ ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ජපානය හා පිලිපීනය ඇතුළු සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම එහි අරමුණ බවයි චීනය පවසන්නේ.

පදනම් විරහිත තර්ජන හේතු කොට ගෙන ඇමරිකාව ආසියා ශාන්තිකර කලාපයට සිය හමුදාව යෙදවීමට උත්සහ කරන බවත්, කලාපයේ ගටලු උත්සන්න කිරීම ඇමරිකාවේ අරමුණ බවත් චීනය පවසනවා.

ඇමරිකාව මෙලෙස ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කරන්නේ නම් චීනය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි චීනය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...