එජාප මහලේකම් රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරව කරුවලගස්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, රිය අනතුරක් සම්බන්ධයෙනි.

අද (29) අළුයම 04.30 ට පමණ යශෝධ රංගේ බණ්ඩාර පැදවූ මෝටර් රථය කරුවලගස්වැව 07 කණුව – මී ඔය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට පෙර 2018 වසරේදී පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ද ඔහුගේ පුත්‍ යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් පිළිබඳ චෝදනා ලැබීය. ඒ, ඔහු විසින් පදවන ලද, රජයට අයත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩාවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...