එජාප මහලේකම් රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරව කරුවලගස්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, රිය අනතුරක් සම්බන්ධයෙනි.

අද (29) අළුයම 04.30 ට පමණ යශෝධ රංගේ බණ්ඩාර පැදවූ මෝටර් රථය කරුවලගස්වැව 07 කණුව – මී ඔය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට පෙර 2018 වසරේදී පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ද ඔහුගේ පුත්‍ යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් පිළිබඳ චෝදනා ලැබීය. ඒ, ඔහු විසින් පදවන ලද, රජයට අයත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩාවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...