LPL ආරම්භය චමරි අතින්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 30, (LNW) කොළඹ :

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ආරම්භය හෙට පස්වරු 6.15 ට මහනුවර පල්ලෙකැලේ දී සිඳුවීමට නියමිත අතර ආරම්භය සටහන් කරමින් ධජය එසැවීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට පවරා තිබෙනවා.ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් ලීග් තරගාවලියක මෙවැනි ගෞරවයක් ලබන්නට හැකි වූ පළමු ක්‍රීඩිකාව චමරි වෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.


චමරි මෙන්ම මෙම තරගාවලියේ සන්නාම තානාපතිත්වය දරන හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ද මෙම සමාරම්භයට එකතු වන අතර හ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සභාපති ශමිමි සිල්වා ප්‍රමුඛ විධායක සභාවේ නිලධාරීන් ද,එල්පීඑල් සම්බන්ධීකාරක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත වෙනවා.


වත්මන් සූරතාවය හිමි මහනුවර ෆැල්කන්ස් පිලේ නායකත්වය දරන වනිදු හසරංග අතින් සන්නාම තානාපති මයිකල් ක්ලාක් අතට මෙවර එල්පීඑල් කුසලානය පත් කිරීමට නියමිතව තිබෙනවා.තරගාවලියේ නිල ගීතය ප්‍රචාරණයේ මංගල අවස්ථාව ද මේ මොහොතට යෙදී තිබෙන අතර එම ගීතය එළිදැක්මට අමතරව යොහානි, DJ Mass, Apzi, සහ Romain Willis වැනි කලාකරුවන්ගේ විනෝදාස්වාද ක්‍රියා ඇතුළත් ප්‍රාසාංගික අත්දැකීමක් තරග ප්‍රේක්ෂකයන්ට විඳ ගැනීමට දීමෙන් ඉනික්බිතිව පස්වරු 7.30 ට මෙවර තරගාවලිය අරඹමින් කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ – යුද්ධය උත්සන්න වුණොත් නැවත ගෙන්වනවා – ඇමති විජිත

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...