රටවල් 178 ක් සමඟ ශ්‍රී ලංකාවත් බැඩිමින්ටන් සැමරුමට එකතු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 02, (LNW) කොළඹ :

රටවල් 178කදී පැවැත්වෙන,ලෝක බැඩ්මින්ටන් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙම මස 6 වැනිදා කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර ඇත. මෙම ගෝලීය සැමරුම, එදින පෙරවරු 8.45ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය අසළදී විචිත්‍රවත් පාගමනකින් ආරම්භ විමට නියමිතය.


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන්, විධායක කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කාර්ය මණ්ඩලය, ජාතික බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්, පුහුණු සංචිතවල මාපියන්ගේ කමිටුව සහ විවිධ පාසල්වල නියෝජිතයන් ඇතුළුව 350කට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තූර්යවාදන කණ්ඩායමේ සංගීතයෙන් හැඩ වෙන මේ පා ගමනට අලංකාර ලෙස සරසනු ලැබූ වාහන පෙළක් ද එක්වීමට නියමිතය.


මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අසළින් ඇරැඹෙන පා ගමන හෝටන් පෙදෙස, ඇල්බට් චන්ද්‍රවංකය, නිදහස් මාවත ඔස්සේ කිලෝමීටර් 2.8ක දුරක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා සහ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන ද එම අවස්ථාවට එක්වනු ඇත.මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 0741377203 දුරකතන අංකයෙන් කලාපීය සංවර්ධන කමිටුවේ සම්බන්ධිකාරක අමතන ලෙස බැඩ්මින්ටන් ආයතනය දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...