‘එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරුන් රජවරුන් කරයි ‘- ජෝ බයිඩන්

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(01) දිනයේදී 2020 මැතිවරණ පරාජය අවලංගු කිරීමට නීතිවිරෝධී ලෙස උත්සාහ කළ බවට චෝදනා ලැබ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්හට බලයේ සිටියදී කරන ලද නිල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැකි බවට තීන්දුවක් ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් එය, ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරුන් රජවරුන් කරන බවට ජනාධිපත් ජෝ බයිඩන් සඳහන් කර තිබේ.

මෙම උසාවි තීන්දුවෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයෙකුට කළ හැකි දේ සම්බන්ධයෙන් දැන් සීමාවන් නොමැති බවත්, සෑම කෙනෙකුම නීතිය ඉදිරියේ සමාන බවත්, ජනාධිපති පවා නීතියට යටත් බවත්, මෙය ජාතියේ ජනතාවට දරුණු අගෞරවයක්වන බවත්, මේවා නිසැකවම ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපතියන්ට වඩාත් හුරුපුරුදු බලතලවන බවත් ජෝ බයිඩන් තවදුරටත් සඳහන් කර තිබේ.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගතානුගතික විනිසුරුවරුන් හය දෙනා අනුමත කළ අතර ඔවුන්ගේ ලිබරල් විනිසුරුවන් තිදෙනා මෙයට විරුද්ධ විය. කෙසේ නමුත් බහුතරයේ මතයට අනුව තීන්දුව සම්මත ව ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද නීතිවේදීන් සඳහන් කරන්නේ මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ – යුද්ධය උත්සන්න වුණොත් නැවත ගෙන්වනවා – ඇමති විජිත

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...