මමයි නීත්‍යානුකූල ලේකම්.මම හෙට එනවා වැඩ භාරගන්න – දයාසිරිත් SLFP සටන් බිමට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් ලෙස තමන් හෙට (05) උදෑසන 09.30ට පැමිණ වැඩ භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

තමන්ට බාධා කිරීමට එන ඕනෑම අයෙකුට එරෙහිව නඩු පැවරීමේ අයිතිය තිබෙන බවයි ජයසේකර මහතා කියාසිටියේ.

ආණ්ඩුවේ බලය පාවිච්චි කර පක්ෂ මූලස්ථානයේ බලය අල්ලාගෙන සිටින අයට තමන් පවසන්නේ අධිකරණ තීන්දුවට හිස නමා ගැටුම් ඇතිකර නොගෙන තමන් ඇතුළු කණ්ඩායමට පක්ෂයේ වැඩකටයුතු කිරීමට ඉඩ දෙන ලෙස අවධාරණය කරන බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව තමන්ට බාධා නොවන අන්දමින් කටයුතු කරගැනීම සඳහා පොලිස්පති, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මරදාන පොලිස් ස්ථානාධිපති මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාවද දැනුවත් කර තිබෙන බවයි ඔහු තවදුරටත් කියාසිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරා ගැනීම වෙනුවෙන් තමන් දිවිහිමියෙන් කටයුතු කරන බවයි එහිදී ජයසේකර මහතා පැවසුවේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පාක්ෂිකයින්ගෙන් ද ජයසේකර මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ හෙට උදෑසන 09.30 මරදාන ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම සංවිධායකවරයෙක් ඉවත් කිරීමට වෙනත් පාර්ශවයකට කිසිදු අයිතියක් නොමැති අතර පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් ලෙස තවදුරටත් බලතල අතෙහ් තමන් සතුව බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: පළිගැනීම ඉන්ධනයක් කරගත් “Ballerina”

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

තවත් රටවල් 33ක් වීසා ගාස්තුවලින් නිදහස් කෙරේ. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ...

හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ...

හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක්...