දින කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්නැයි යෝජනාවක් !

රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස දින කිහිපයකට හෝ රට වසා තබන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. දින කිහිපයකට රට වසාදමා ඉන්ධන හිගය ඇතුළු අර්බුදවලට තාවකාලිකව හෝ විසඳුම් ලබා දී රට නැවත විවෘත කරන ලෙසයි මෙම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය පවසා තිබෙන්නේ.

ඉන්ධන හිගය හේතුවෙන් මේ වනවිට පාසල් කටයුතු, කාර්යාල කටයුතු, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා දැඩි බලපෑමක් සිදුව තිබේ. මීට අමතරව මේ වනවිට දෛනික විදුලි කප්පාදුවද පැය 10 ක් ඉක්ම ගොස් ඇති අතර මේ නිසා ජනතාව මුහුණ දෙන අර්බුද දෙගුණ තෙගුණ වී තිබෙනවා.

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අද සහ හෙට කාර්යාල සේවකයන් නිවසේ සිට වැඩ කිරීම සුදුසු බවට මහජන උපයෝගීතා කොමිසම විසින්ද යෝජනා කර තිබිණි.

රට වසාදැමීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාවට මේ දක්වා ආණ්ඩුවේ නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...