සියලු සැත්කම් සුපුරුදු පරිදි සිදුවනවා – පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ

Date:

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සැත්කම් සුපුරුදු පරිදි සිදුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

ශල්‍යකර්ම සඳහා අවශ්‍ය සියලු ඖෂධ කඩිනමින් සපයන බවට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇති බවත්, ඒ අනුව රෝහලේ පවතින ඖෂධ ප්‍රමාණයන් යොදාගනිමින් ශල්‍යකර්මයන් ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට දින දෙකකට ඉහත ලිපියක් නිකුත් කරමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ නිර්වින්දනය සඳහා ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ කිහිපයක පවතින හිඟය හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සහ අත්‍යාවශ්‍ය සැත්කම් හැරුණු විට අනෙක් සියලු ශල්‍යකර්මයන් තාවකාලිකව නතර කළ බවයි.

මෙම පුවත මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර, සැත්කම් වලට භාජනය වීම සඳහා සූදානමින් සිටි පුද්ගලයන් බරපතල අපහසුතාවයකට පත්විය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය ශල්‍යකර්මයන් අත්හිටවූ බවට පළවූ පුවත සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ද ප්‍රතිචාර දක්වා තිබූ අතර, මෙම ගැටළුව විසඳීමට ඉන්දියාවට මැදිහත් විය හැක්කේ කෙසේද යන්න පවා ඔහු ප්‍රශ්න කර සිටියේය.

සාමාන්‍ය සැත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ඖෂධ සහ ද්‍රව්‍ය වහාම සැපයීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත්තේ ඉන් අනතුරුවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...