රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200ක් අදයි හෙටයි ලෙඩ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

අද (8දා) හා හෙට (09දා) ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට වැඩි ප්‍රමාණයක් දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත .

වෘත්තීය සමිති නායකයෝ පවසන්නේ , අමාත්‍යාංශ, රෝහල්, පාසල්, තැපැල්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ආයතන බහුතරයක සේවාවන් වැඩ වර්ජන කාලය තුළ අඩාල වනු ඇති බවයි.

තැපැල්, ග්‍රාම නිලධාරි, කළමනාකරණ සේවා නිලධාරි, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක නිලධාරි, සමෘද්ධි නිලධාරි, සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරි ඇතුළු රාජ්‍ය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා පැවසීය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ , ගුරු සහ විදුහල්පතිවරු හෙට දින අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ එක්වන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...