ස්ත්‍රිය අහිංසක ද?

Date:

මහේෂ් හපුහොඩ

‘අම්ම’ කියන වචනය සහ සංකල්පය තමයි මේ වෙලාවේ වැඩියෙන්ම අපයෝජනය වෙන්නේ. හැමෝම මොකක් හරි ගේමක් දීල ඒකෙන් පැනල යන්න මම අම්ම කෙනෙක් කියන එක පාවිච්චි කරනවා.

නිකම් හිතන්න ඉතාම මෑතක වෙච්ච සිද්දි තුනක් ඇතුලේ තියන භාෂා අන්තර්ගතය ගැන.

කාල වකවානු පිළිවෙලට ආපසු ගියොත් බලන්න ඊයේ දඹුල්ලේ ෆෝන් සිද්දිය. බයිසිකලේ හිටපු ඒ මැදිවියේ කියල හිතන්න පුළුවන් ගෑනු කෙනා කිව්වේ ”අනේ පුතේ මේ දරුවෝ දාල මම යයි කියල හිතනවද?” කියල. කෙල්ලගේ ස්ත්‍රී වසඟය අපි පැත්තකටම දමමුකෝ. එතනත් පළිහක් විදියට පාවිච්චි උණේ අම්ම කියන එක.

තව පොඩ්ඩක් පස්සට ගියාම පියුමි හංසමාලි සිද්දිය. රේන්ජ් රෝවර් එකෙන් බැස්ස ගමන් ”මම නම් සීයට දාහක් නිර්දෝෂයි අයියේ” (අයියා නංගි සහෝදරත්වය) කියන ගමන් කිව්වේ ”මම අම්ම කෙනෙක්. මම නැතිවුනොත් මගේ දරුවට යන කලදසාව මොකක්ද? ඒ නිසා මම අයුතු දේවල් කවදාවත් කරන්නේ නැහැ” කියල.

පියුමිගේ නිර්දෝෂී බව ගැන මම මුකුත් දන්නේ නැහැ. හැබැයි ඒ ක්‍රීම් එක ලියාපදිංචි නැහැ කියල නම් කියනවා. කොහොමත් එතනත් මාතෘත්වය සහ ස්ත්‍රීත්වය තමයි පළිහක් හැටියට යොදාගත්තේ.

ඊළඟට දැන් සතියක් නැහැ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිද්දිය. පුද්ගලයෙක් පැහැරගෙන යාම සහ අඩන්තේට්ටම් කිරීමේ ඉතාම බරපතළ චෝදනා එක්ක ජනතා නියෝජිතවරියක් බරපතළ වැඩ සහිත දඬුවම් ලබල ඊළගට එයා අන්තිමට දාපු තුරුම්පුව තමයි දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා කියන එක සහ ඒ ළමයි අම්ම නැතුව නිදාගන්නේ නැහැ කියන එක.

එතන යම් මානුෂීය කතාවක් තියනවා උනාට ඇයි අම්ම කෙනෙක් හැටියට අර තරුණයා පැහැරගන්න ඩිෆෙන්ඩර් යවන වෙලාවේ හිතුවේ නැත්තේ?

ඇයි මේ අම්මල ඇත්ත අම්මල නම් තමන්ගේ පවුල සහ ළමයා (ළමයින්) හැර අනික් පොදු සමාජය ගැනත් අම්මලා කියන තැනින් හිතන්නේ නැත්තේ?

ඒ නිසා මෙතැන තියන ස්ත්‍රිය කියන එක ගැන හෝ අම්ම කියන එක ගැන දේශපාලන නිරවද්‍ය විදියට බලන්න අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ.

ගේම් ගහන්න ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ.

ආ…බුදු සරණයි කියන්නෙත් නම් අහිංසක දෙයක් නෙවෙයි….🙂

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...